<18>

105 15 0
                                    

ඊලග දවසෙ උදේ හැමෝටම කලින් යුකී අවදි වෙලා හිටියා....... ඇත්තට ඒ යුකීම නෙමෙයි යුකීගේ ඇග ඇතුලේ මේ තරම් කාලයක් හැන්ගිලා හිටිය ආර්යා ...
යුකී කියන්නේ සම්පූර්නයෙන්ම විනෝදයට බර කෙනෙක් උනත් ආර්යා කියන්නේ වගකීමක් ගන්න පුලුවන් ටිකක් තද ගති ගුන තියන කෙනෙක්....
එයාව පාලනය කරන්න සන්සුන් කරන්න ලියෝන්ට පුලුවන් උනත් එයා ගන්න තීරන වෙනස් කරන්න කාටවත්ම පුලුවන් උනේ නෑ

🤍 යුකී....කොහෙද යන්නේ

🌼 අහ් ඔයාලා නැගිට්ටද අපි යමු කාෆෝර් හම්බෙන්න

💛 ඕකේ යමු....ඒයි මොකක්ද යුකී කිව්වේ

🌼 ඔයාට ඇහුන එක හරි කාෆෝර් හම්බෙන්න යමු.....දියා කලු පාට මුතු ඇටය ඔයා ගන්න

දියා යුකීව නවත්තන්න ගියත් ලියෝ එයාව අල්ලගත්තේ ආර්යාගේ අවදිවීම එයාට දැනුන නිසා...
මීට කලින් යුද්දයකදි ආර්යා හැසිරුන විදිහ හොදටම මතක තිබ්බ නිසා ලියෝ එයාව නවත්තන්න තරම් නිර්භීත උනේ නෑ....
මකරෙක් උනත් කෙල්ලට බයයි ඉතිම්

🤍 දියා.....සන්සුන් වෙලා යමු.....ආර්‍යා ගැන දන්නවනේ

අනතුරු අගවන හඩකින් උන දේ සරලව ලියෝ අනික් දෙන්නට කිව්වා....සැලැස්මක් මෙලෝ දෙයක් නැතුව ඒ තුන් දෙනා පූස් පැටව් තුන් දෙනෙක් වගේ යුකීගේ පස්සෙන් ගියා

🌼 කාෆෝර්ගෙන් සාමය අයදින්න මම යන්නෙ නැහැ....මම යන්නේ යුද්දයක් ඉල්ලන්න

දුම් රොටු වලින් වැහිලා තිබ්බ පරිසරේ දුම ටිකින් ටික යුකී වටේට එකතු උනේ මේ තරම් කාලයක් එයාගේ සැගවුනු අනන්‍යතාවයේ ෆීනික්ස් බලය එලියට එන ගමන්....
ලියෝ පවා මේ තරම් කාලයක් නොදැකපු දරුනු තියුනු ඇස් දෙකක් අද යුකීට තිබ්බා....
දුම් රොටු වටේ කැරකිලා කැරකිලා එයා ඇදන් හිටිය සාමාන්‍ය ඇදුම ෆීනික්ස් රාජ වංශයේ ඇදුමක් විදිහට වෙනස් උනා...
කියලා නිම කරන්න බැරි තරම් එඩිතර දැඩි පෙනුමක් එක්ක කිසි කෙනෙක් ගැන සැලකීමක් නොකර යුකී ඉස්සරහටම ගියා


එයාලා යද්දි කාෆෝර් සහ සැරෝන් දෙන්නා ලොකූ ගල් පර්වතයක් වගේ කලු මකරාගේ සිරුර ඉස්සරහ තමන්ගේ හමුදාවත් එක්ක ජය පැන් පානය කරමින් හිටියේ....
යුකීව දැක්කම කාෆෝර්ගේ ඇස් ගැස්සුනා

Dandelion ✔️Where stories live. Discover now