ජන්කුක් ඊයේ නිවාඩුවක් ගත්තා ඔෆිස් එන්නේ නැතුව. ඒ ලීසාට shopping යන්න ඕන කිව්ව නිසා සහ gang එකේ සාකච්ඡාවක් තිබ්බ නිසා. දෙකම එක නිවාඩුවෙන් cover කර ගන්න පුළුවන් උන නිසා ජන්කුක් නිවාඩුව දැම්මා. ඊයේ ගත්ත නිවාඩුව නිසා අද ජන්කුක් රෑ වෙනකල් වැඩ. ජන්කුක් පිලිවෙලට, වේලාවට වැඩ කරන කෙනෙක් නිසා ආයේ හෙටට මේ වැඩ ඉතුරු කරන්න ජන්කුක්ගේ කැමැත්තක් නෑ.
ජන්කුක් වැඩ නිසා තේහ්‍යුන්ග් බොරුවක් කියලා හොසොක්ව පිටත් කරලා ඇරලා තේහ්‍යුන්ග්නුත් රෑ වෙනකල් office එකට වෙලා ජන්කුක්ගේ කැබින් එක දිහා හොර ගල් අහුල අහුල හිටියා. තේහ්‍යුන්ග් දැන්නේ නෑ මේ සේරම ජන්කුක් cctv එකෙන් බලන් ඉන්නවා කියලා. ජන්කුක් ගොඩක් වෙලාවට තේහ්‍යුන්ග් දිහා කැමරා වලින් බලන් ඉන්නවා. ජන්කුක් ටේක්නීශියන්ලාට කියලා තේහ්‍යුන්ග් ඉන්න සෙක්ශන් එකට තව අලුතින් කැමරාත් හයිකෙරෙව්වා තේහ්‍යුන්ග් බලන්න ඕන නිසා. තේහ්‍යුන්ග් තාම ඒ මුකුත් නොදැන ඔෆිස් එකේ පිස්සු නටනවා.
ජන්කුක් දන්නවා තේහ්‍යුන්ග් ජෙනිට බැනපු එක පවා. තේහ්‍යුන්ග් දිහා බල බල හිටපු ජන්කුක්ට එක පාර අදහසක් ආවා. ජන්කුක් කෝල් එකක් දිලා ජෙනීට ෆයිල්ස් වගයක් අරන් එන්න කිව්වා. ජන්කුක්ගේ කැබින් එකට ඇහැ දාගෙන හිටපු තේහ්‍යුන්ග් දැක්කා ජෙනි සායත් පුළුවන් තරම් කොට කරගෙන, පපුව පෙන විදිහට බ්ලවුස් එකේ බටන් එකකුත් ඇරගෙන ජන්කුක්ගේ කැබින් එකට යනවා.
විනාඩි 10ක් විතර තේහ්‍යුන්ග් නියපොතු කකා බලන් හිටියා ජෙනි එනකල්. සද්දයක්වත් නෑ. තේහ්‍යුන්ගේ ඉවසීම දැන් අඩුවේගෙන එන්නේ. තේහ්‍යුන්ග් ගිහින් ජන්කුක්ගේ කැබින් එකේ දොරට තට්ටු කලා.
Jk - පස්සේ එන්න. අහ්...ම්හ්..
ජන්කුක්ගේ කට හඬත් එක්කම ඇහුනු මෝන්ස් එක නිසා තේහ්‍යුන්ග්ට කලබලේට ජන්කුක්ගේ කැබින් එකේ දොර ඇරියා.
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...