5 yaer late...
Jk - baby ඔයා කොහෙද? මම උයලා ඉවරයි.
Tae - ඉන්න මම එනවා.
ඔව්... එදා තේහ්‍යුන්ග් ආයේ සුව උනා. ජන්කුක් වෙනත් කාමරයකට මාරු කරපු වෛද්‍යවරු ජන්කුක්ට වගෙම තේහ්යුන්ග්ටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. තේහ්‍යුන්ග් electric shock එකක් දිලා හදවත ආයේ වැඩ කරන්න සැලැසුවා.
තේවුන් මැරිලාත් ආයේ ඉපදුනේ ජන්කුක් වෙනුවෙන්. ජන්කුක් වෙනුවෙන් තිබ්බ ඒ නිර්මල අහිංසක පිවිතුරු ආදරේ වෙනුවෙන්. දෛවය තව අවස්තාවක් දුන්නා ඒ දෙන්නාගේ ආදරේ සම්පූර්ණ කර ගන්න. ඒ අවස්තාව තේහ්‍යුන්ග් අත අරින්න සූදානම් නෑ. තේහ්‍යුන්ග් මාරයා එක්ක සටන් කලා ඒ අවස්තාව වෙනුවෙන්. තේහ්‍යුන්ග් ජය ගත්තා ආදරේ නාමෙන්..
ලීසා ජන්කුක්ගේ ආදරේ තේරුම් ගත්තා වගේම ලීසා හිටියේ එයාගේ අප්පාගේ වැඩ නිසා ජන්කුක් ට මූන දෙන්න බැරුව. අවසානේදී ලීසා තීරනය කලා කොලේකට විතරක් සීමා උන මේ බැදිමෙන් ජන්කුක් නිදහස් කරලා ජන්කුක් එයාගේ හදවතින්ම බැදිලා ඉන්න තැනට ජන්කුක්ව බාර දෙන්න. ලීසා එක කලා. ලීසා ජන්කුක්ගේන් දික්කසාද උනා. ජන්කුක්වත් තේහ්යුන්ග්වත් ලීසාගෙන් දික්කසාද කවදාවත් ඉල්ලුවේ නෑ. ජන්කුක් වගේම තේහ්‍යුන්ග් කැමති උනේ නෑ ලීසාට අසාදාරානයක් කරන්න. එත් ලීසාම එක තේරුම් අරන් ජන්කුක්ව නිදහස් කලා.
තේහ්‍යුන්ග් ජන්කුක් දැන් ලස්සන පුංචි පවුලක්. දැරුවන් දෙන්නෙක් එක්ක හරිම ලස්සනට තේහ්‍යුන්ග් ජන්කුක් ජීවත් උනා.
අවුරුදු දෙකක විතර දීර්ඝ කාලයක් බෙහෙත් කිරිමේ ප්‍රතිඵලයක් විදිහට ජිමින් සම්පූර්ණ සුවය ලැබුවා. ඒ මුලු කාලයෙම යුංගි මාෆියා වැඩවලින් පවා ඉවත් උනා ජිමින් වෙනුවෙන් කාලය වැය කරන්න. යුංගිගේ උත්සාහ මල් ඵල ගන්වමින් ජිමින් ආයේ පරන කට හැකර ජිමින්ම උනා. යුංගි අවිවාහක හිටියේ ජිමින් නිසා. අවසානේදි ජිමින්ව බොහොම අමාරුවෙන් යුංගි කැමති කරගෙන කසාද බැන්දා.
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...