සිව්වන දිගහැරුම 🍂

75 17 7
                                    

මං තේක හදලා ගිහින් සයාශ්ගෙ අතට දෙන්ඩ හදද්දි එයා ඇස් වලින් ටීපෝ එක පෙන්නුවා...

අනේ ඇත්තට තේක ඕකගෙ අතට අරන් එයාට තියා ගන්ඩ බැයිද එතනින් මං අහන්නෙ...මං ගිනි පිබ පිබ තේක තියලා ගස්සන් මගෙ තේකත් අරං පූල් එක ලඟට එන්ඩ ආවා...

මේ පූල් එක අඩි ගානක් ගැඹුරුයි...මගෙ ඔලුව වැහෙන්ඩ වතුර තියනවා...එක පැත්තක්නම් ගැඹුර නෑ...

මං හිටියෙ ගැඹුර පැත්තට වෙලා මොකද ගැඹුර නැති පැත්තට යන්ඩ වටයක් යන්ඩ එපැයි...

මං එතනින් ඉදගෙන පූල් එකට කකුල් දෙක දා ගත්තා...සීතල වතුරට කකුල් දා ගත්තම අමුතු ෆීල් එකක් තියෙන්නෙ..මං හිමින් හිමින් තේක බොන්න ගත්තෙ සිංදුවක් මුමුන මුමුන...

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිදිනා..අයුරූ....ආහ්...

ඒත් එක්කම කවුදෝ පිටුපස්සෙන් පිටට පයින් එකක් ගැහුවා..මං කැරකිලා පූල් එකට වැටුනා..මං දැක්කා ඇස් කොනෙන් ඒ හිටියෙ අමෝලි කියලා.....

සීතලම සීතල වතුර වලට මගෙ කෙන්ඩා පෙරලෙද්දි මට මුකුත් හිතා ගන්න බැරි උනා...

අනේ අම්මෙ..මට පීනන්න බෑ....

මට නිකම්ම කියවුනා...ජබු ගහ ගහ උඩට එන්ඩ හදන මට කෑ ගහ ගන්නවත් පණක් නැති වෙද්දි හොදටම වතුර පෙවුනා...පොඩි කාලෙ ඉදන් මට පීනන්න බෑ..මං වතුරට බයයි....මගෙ ඔලුව කිමිදිලා කකුල් දෙක උඩ ගිහින්...මට හිට ගන්ඩ බෑ....

මං දන්නවා මං මැරෙන්ඩ යන්නෙ....ඉහමොලෙන් වතුර යද්දි එන ඒ වේදනාවයි...නාස් කුහර පුච්චගෙන යන වතුරයි....මං මේ ඔක්කොටම මැදි වෙලා වේදනාවෙන් පූල් එකේ පතුලට පාවෙලා යන ගමන් හිටියෙ....

අම්මෙ...තාත්තෙ...මට බයයි...

මොනා උනත් අන්තිමට තමන්ට මතක් වෙන්නෙ ඔච්චරයි...බාගෙට ඇස් ඇරන් හිටපු මගෙ ඇස් ඇදුම් කන්ඩ ගත්තා...මට බයයි ඇස් පියා ගන්ඩ...ඒත් මගෙ ඇස් පියවුනා..අත පය ගහන්ඩ තිබ්බ ශක්තියත් යන්ඩ ගියා..මට තේරුනා ටික ටික මගෙ හුස්ම නවතිනවා...

මගෙ ඔලුව රිදෙනවා පැලෙන්ඩ වගේ...මං හිටියෙ මගෙ රූම් එකේ...

ඒක හීනයක්ද...මං හොඳටම බය උනා...

Flowers of despair 🍂Hikayelerin yaşadığı yer. Şimdi keşfedin