දොලොස් වෙනි කොටස

847 213 55
                                    

වහනේ කළු වීදුරු වලට මුවාවෙලා සීන් ලියෝන්ගෙ  තොල් අස්සට පාත් වුණා....
මේ අද දවසෙ කීවෙනි හාදුවද කියලා සීන්ටවත් ලියෝන්ටවත් මතක නෑ....

දෙන්නම එකිනෙකාගෙ උණුසුම් සුසුම් අස්සෙ අතරමං වෙද්දි එළියේ ලෝකේ අමතක වෙලා ගියා...

"සී..න්.... ම්මිහ්..."

සීන්ගෙ උකුල උඩ ඉදගෙන කකුල් දෙක වාහනේ ශීට් එකට තද කරගෙන හිටිය ලියෝන්ගෙ අත් එතිලා තිබ්බෙ සීන්ගෙ උරහිස් වටේට.....

හාදුවේ උණුහුම දරාගන්න බැරුව ලියෝන්ගෙ අත් සීන්ගෙ හිසකෙස් අතරින්  ගිහින් පිරිමදිද්දි ලියෝන්ගෙ  ඉණ  වටේට දැවටුණු සීන්ගෙ අත් ලියෝන්ගෙ මුළු ඇගම කිතිකැව්වා වගේ....

දෙන්නගෙම ඉදුරන් අවධි වෙලා තිබුණත් දෙන්නම ඒ හැමදේම මග හැරලා හාදුවේ උණුහුම වින්දා...
මේ ආදරණීය මොහොත හැමදාටම රදවගන්න උත්සාහා කලා....

තව තව සීන්ගෙ පහස විදින්න ලියෝන්ට ඕනෙ වුණා....
ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි..
තව ළං වුණොත් මොහොතකටවත් ඈත් වෙන්න බැරිවෙයි....

ඉතින් ලියෝන් අමාරුවෙන් වුණත් ටිකක් ඈත් වුණේ සීන්ගෙ අවධි වෙලා තිබුණ හැගීම් නොදැනෙන විදිහට....

ඊට පස්සේ ඒ ඉන්න විදිහටම සීන්ට හේත්තු වෙලා උරහිස උඩින් ඔලුව තියලා හති ඇරියෙ මැරතන් එකක් දෘව්වා වගේ....

"මට බහින්න හිතෙන්නෙ නෑනෙ.....මෙහෙමම ඉන්න ඕනෙ...."

ලියෝන් නෝක්කාඩුවෙන් වගේ සීන්ගෙ කනට කොදුරද්දි සීන් හීනාවෙලා ලියෝන්ගෙ ඔලුව අතගෑවා...

"අපි ගෙදර යන්න එපැයි ලියෝ... මගේ සිංහ පැටියව හෙටත් මට මුණ ගැහෙයිනෙ නේද?? කෝ... දැන් බහින්න... සිංහ පැටියා නෙවේ තමුසෙ තඩි අලියෙක්නෙ...මගේ අසරණ පස්ස ෆ්ලැට් වෙනවා තමුසෙව ඔඩොක්කුවෙ ඉදන් ඉදලා..."

"මේ මේ... සිංහ රජාට අපහාස එපා...චුට්ටක් උඩින් යන්න දුන්නම සිංහ ධේනුව එනවලු පුප්පන්න...."

ලියෝන් සීන්ගෙ මූණට ළංවෙලා එයාගෙ නහයට නහය ගාවලා අතුල්ලලා රව රව කිව්වා...

"ඈ යකෝ.... මමද එතකොට සිංහ ධේනුව....."

"නැත්තං ... මයෙ සුප්පා දේවි...ම්ම්"

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now