හතලිස් එක්වෙනි කොටස

675 129 30
                                    


"අපි මෙහෙන් යනවා.... "

සීන් බෝම්බේ අතෑරියේ පන්සලට ගිහින් දරුවට ආශිර්වාදත් අරන් ආපහු එන අතරෙ......
ඔතාගත්තු පුංචි දරුවව දෝතින් අරගෙන හිටිය ලියෝ එතනම නැවතිලා සීන් දිහා බැලුවෙ මේ මනුස්සයට පිස්සු හැදිලද කියලා හිතන බැල්මෙන්...

"මේ හදිස්සියෙම...??
එක පාරටම?? ඒත් ඇයි ??? "

සීන්ට මුකුත් කියාගන්න බෑ වගේ දැනුනා.... උගුරෙ මොනවා හරි හිරවෙලා වගේ.....
එයාට කේන්තියි... වේදනයි..  එයාට කීර්ති ඉස්සරහා ඒ මුකුත් පිටකරගන්න බැරුව හිටියෙ....
ඒත් දැන් ලියෝ ඉස්සරහා එයාට ඒ හැගීම් අකුරු කරන්න ඕනෙවුණා....

"තා...තාත්තා... මම හිතුව විදිහෙ කෙනෙක් නෙවෙයි... ම..මට  එයා ඉන්න තැනක තවදුරටත් ඉන්න බෑ... "

සීන් කිව්වෙ පැටලි පැටලි....
එයාට තාත්තා ගැන දැනුනු බලාපොරොත්තු කඩවුණු ගතිය එයාව නොසෑහෙන්න රිද්දුවා.....

ලියෝ සීන් දිහා කෙලින්ම බැලුවා...

"තව කොච්චර කාලයක් පැනලා යන්නද සීන් ?? එයා ආයෙත් අපිව හොයන් ආවොත්..??අපිට මේවා කතාකරල විසදගන්න බැරිද?? "

ලියෝ එහෙම කීවෙ තාත්තා ගැන එයා සැක කරපු එක හරි නේද කියන එක මුවින් නොකියා.....
කලින් තාත්තා එහෙම නෑ කියලා කීව වචන ලියෝ මේ වෙලාවෙ එයාව ආපිට රිද්දන්න පාවිච්චි නොකරපු එක ගැන සීන්ට සැනසීමක් දැනුනා....

එයාට දැනෙනවා මොකක්හරි නපුරක්...
ඒ මොකද්ද කියලා නොදන්නවා වුණත් ඒ හැමදේම වුණේ මේ ගමේ කියලා එයාට දැනෙනවා....

මේ පන්සලට යන පාරේ තියෙන ලූනු මිදෙල්ල ගස්....රබර්ගස්...තේක්ක ගස් වල පවා හුරුපුරුද්දක් සීන්ට දැනෙනවා....
මේ වටේට හමන හුළගෙ පවා මොකද්දෝ හුරු සේයාවක් එයාට දැනෙනවා....
පා සලඹක සද්දයක් එක්ක මේ ගමේ රූපරාමු හිත අස්සෙ මැවි මැවී නොපෙනී යනවා....
ඒ හැගීම එයාට දැනෙන්නෙ හරියට හිරිගඩු පිපෙනවා වගේ......
පුංචි කාලෙ මේ ගම කිට්ටුවටවත් එන්න තිබ්බ අකමැත්ත ආයෙත් මතුවෙලා වගේ සීන්ට හිතෙනවා...

ඉක්මනට මෙහෙන් පැනලා දුවන්න ඕනෙ !! එයාගෙ දරුවවයි ලියෝවයි මෙහෙන් ඈත් කරන්න ඕනෙ....
එයාගෙ හිතේ දුවන්නෙ එච්චරයි....
මොකද එයාට තාත්තගෙ දේපල වල අයිතිය ලැබුණට පිරිස් බලය නෑ....
හිටියත් මේ ගමේ නෑ....

රුහිරු බැදි බැමි ☑️Onde histórias criam vida. Descubra agora