හතලිස් නවවෙනි කොටස

1K 183 37
                                    


සීන් ට එන්න කියන වෙලාවෙ කටහඩ වෙව්ලුවත් ලියෝන් ඉක්මනට උගුර පාදලා කෙලින් හිටගත්තා...

දුව වෙනුවෙන් විතරයි.... වෛශාලි එයාගෙ තාත්තව දකින එක නවත්තන්න එයාට උවමනා නෑ...
තාත්තෙකුයි දරුවෙකුයි වෙන් කරන පව්කාරයෙක් වෙන්න එයාට බෑ...

විභූති විදිහට අම්මෙකුයි දරුවෙකුයි වෙන් කරපු පාපෙට තාමත් එයා ගෙවනවා...ඉතින් කොහොමද ඒ දෙන්නව ආයෙ වතාවක් වෙන් කරන්නෙ.....

ලියෝන් දොරෙන් එහාට වෙද්දි සීන් ඇතුලට ඇවිත් ගේ වටේට බැලුවා....
සාලෙ ඉදිය අසේල සීන් දිහා එක පාරක් විතරක් බලලා අහක බලාගත්තා.....
අශිනි පේන්න නෑ....

ලියෝන් සීන්වත් එක්කරගෙන කාමරේට යද්දි සීන් ආවෙ දුවගෙන වගේ.... හරියට නොඉවසිල්ලෙන් වගේ....

"රෝස මල.... තාත්ති ආවා ඔයාව බලන්න...... "

දොර ළග ඉදළා ඊයක වේගෙන් ඇද ළගට ළං වුණ සීන් වෛශාලිව වඩාගෙන තුරුල් කර ගන්න දිහා ලියෝන් දොර ලගට වෙලා බලාගෙන ඉදියා...

"ඔයා ලොකු වෙලානෙ පැටියො....දත් දෙකකුත් ඇවිත්... තාත්තිව මතකයි නේද... ම්ම්.... "

සීන් ඇහෙන නෑහෙන හඩින් හෙමීට මුමුණද්දි වෛශාලි සීන්ගෙ බෙල්ලට මූණ තියාගෙන හිනාවුණේ එයාට අමතක නෑ කියන්න වගේ.....
සීන් ටිකක් වෙලා බබාව වඩන් ඉදලා ටිකකින් එයාව ඇදෙන් තියලා  ගෙනාව බෑග් එකක් අතට ගත්තා....

ලියෝන්ට තමා ඒ බෑග් ඇදගෙන එන කුලීකාරයා වෙන්න වුණේ.....
ඉතිං ලියෝ රව රව බලන් ඉදියා.....

"මේ බලන්න මේ...බබාට ලස්සන ඇදුම් ගෙනාවා.... සෙල්ලම් බඩුත් ගෙනාවා... තව තව මේ පුංචි සපත්තු දෙකකුත් තියෙනවා... මේ චීස් චීස් ගානවා... "

සීන් එයා ගෙනාපුවා වෛශාලිට පෙන්නුවෙ හරි ආඩම්බරෙන්.....
ඒත් මාස හයක පුංචි එකීට අද එයාගෙ උපන්දිනේ කියලවත්...එයාට තෑගි ලැබුණා කියලයත් සතුටු වෙන්න තරම් තේරුමක් නැති තරමට පුංචියි....
ඉතිං  ලස්සන ගවුම් පොඩි ටික පැත්තකට දාලා සීන් බිම බලාගත්තෙ එයාට මාස දෙකක් තිස්සෙ නැතිවුණු කාලය තෑගි වලට පිහිමහන්න බෑ  කියලා තේරුම් ගත්ත නිසා කියලා ලියෝන්ට තේරුණේ එයාගෙ ඒ අසරණ බැල්ම එක්ක....

රුහිරු බැදි බැමි ☑️Donde viven las historias. Descúbrelo ahora