"මේක හරියන්නෙත් නෑ....... ආආආආආආආහ්....... මගුල..... ඇයි මේ බොත්තම දාන්න බැරි..... වසවර්ති කලිසම..... "ලියෝන් බාගෙට ඇද ඇද හිටිය ට්‍රවුසර් එක ගලවලා දාලා ඒක කාමරේ එහා කොණට විසි කරේ උපරිමේට කේන්ති ගිහින්...
"ඉන්න බබා... මගේ එකක් දෙන්නද.. "
සීන් කියද්දි ලියෝන්ගෙ රතු කට්ට පැන්නා.....
රැවුල ගිනි අරන් තියෙද්දි මේකා සුරුට්ටු පත්තු කරන්නත් එනවා..."තමුසෙගෙ ඉණ ඒ කාලෙත් මට වඩා කෙට්ටුයි වෙච්චි කොට දැන් ඒවාට මාව බස්සන්න පුලුවන් වෙයිද.... !!
මම නිකං කොමඩු ගෙඩියක් වගේ....
පෙරළ පෙරළ අරන් යන්න වෙන්නෙ... "ලියෝන් නොරිස්සුමෙන් කියලා අත ළග තිබ්බ තව ඇදුමක් එහාට විසි කරා....
විසි කරපු ඇදුම ගිහින් වැදුණේ සීන් ගෙ ඔලුවෙ..." ලියෝ.... බබා....ඔයා ත.....
"ඇති ඇති.... ඔය චාටු කතා විතරක් කියන් එන්නෙපා.... මම නිදාගන්නවා......
... තමුසෙ නිසා තමා මේ ඔක්කොම... මට ගැලපෙන ඇදුමක් හොයලා තියනවා හෙට උදේට අදින්න..... නැත්තං අනුරාධපුරේ යන්න වෙන්නෙ හෙලුවෙන් !! .... "ලියෝන් කේන්තියෙන් අණ දෙනවා වගේ කියලා ඇදේ වැතිරිලා සීන්ගෙන් එහාට හැරුණෙ එයාගෙ මූණෙ තිබ්බ බැල්ම සීන්ට නොපෙනෙන්න....
ඒත් සීන් දන්නවා ලියෝන් කේන්තියෙන් කෑ ගැහුවට ඒ කේන්තියට නෙවේ හිත අවුල් වුණාම කියලා.......
ඉතින් ලියෝන්ට මොහොතකට පස්සෙ දැනුනා ඇදේ එයාගෙ ඔලුව තියෙන කිට්ටුවෙන් සීන් ඉදගන්නවා......
උණුහුම් අතක් ලියෝන්ගෙ ළාවට වැවුණු කෙස් අතරින් ගියා....සීන් මුකුත් කියන්න ගියේ නෑ.......
මොන දේ කීවත් ලියෝ මේ වෙලාවෙ මුකුත් පිළිගන්නෑ කියන එක සීන් හොදටම දන්නවා ඇති....
ඉතින් සීන් ලියෝන්ගෙ ඔලුව අතගාන ගමන් නිශ්ශබ්දව හිටියා....ලියෝත් එයාගෙ කේන්තිය නැතිවෙනකම්ම සීන්ගෙන් එහාට හැරිලා ඇස් පියාගෙන ඉදියා.....
ඇදුම් පැළදුම් කියන්නෙ මේ දවස් වල ලියෝන්ට සංවේදී මාතෘකාවක්.....
මෙච්චර කල් ඇන්ද ඇදුම් මදි වෙනකොට... සමහර ඇදුම් කිට්ටු කරන්නවත් බැරිකොට ලියෝන්ට දෑනෙන්නෙ ඔක්කොම ගිනි තියලා දාලා මහ හයියෙන් කෑ ගහන්න....
බඩු ඔක්කොම පොලවේ ගහලා සීන්ගෙ ඔලුවට බිත්තරේකින් ගහන්න
... කුණු වෙච්ච එකක් නං වඩාත් හොදයි ..
සීන්ගෙ ඔලුවෙන් බිත්තර සාරු බේරිලා යද්දි සීන් අප්පිරියාවෙන් බලනවා මවද්දි ලියෝන්ට කුරිරු සතුටක් එනවා.....
ඒවා මේ වෙලාවකට ස්ට්‍රෙස් එකට හිතෙන ඒවා විතරයි කියලා ලියෝන් දන්න නිසාම ඒ හැගීම් නැතිවෙලා යනකන් ලියෝන් ඇස් පියන් ඉන්නවා........මේ ලෝකෙ වෛශාලි ඇරුණම තියෙන වටිනම වස්තුව සීන් වෙච්චි කොට එයාට දුක හිතෙන දේවල් කියන්න, කරන්න ලියෝන් අකමැතියි...

ESTÁS LEYENDO
රුහිරු බැදි බැමි ☑️
Fanficවිනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~