හතලිස් තුන්වෙනි කොටස

979 188 37
                                    


ජීවිතේ කියන්නෙ මහ කාලකණ්ණි දෙයක් කියන එක කීවෙනි වතාවටදෝ කල්පනා වුණු ලියෝන් ආයෙ පාරක් දොරට තඩිබාන්න පටන් ගත්තා....

මීට දවස් දෙක තුනකට කලින් මුළු ලෝකෙම දිනපු මිනිහෙක් වගේ හිටිය තමන් ආපහු සැරයක් අර පරණ තත්වෙටම වැටිලා......

පොරොන්දු..... එකට ජීවත් වෙන්න  මවපු බලාපොරොත්තු... වෛශාලි වෙනුවෙන් සැලසුම් කරපු දේවල්....
ඒ හැමදේම පුස්සක් වෙලා.....
ඒ හැමදේම ලස්සන  හීන ගොඩක් විතරද.......

ලියෝන්ට දැනෙනවා එයාගෙ හිත ටික ටික වැහිලා යන හැටි.... අහිංසක ආදරණීය ලියෝන් හැංගිලා ආපහු පරණ  සීතල ලියෝන් එළියට එන හැටි.....

ආපහු ඉස්සර වගේම හිරකාරයෙක්...
ඊලග මොහොතෙ මොනවා වෙයිද කියලා දන්නෙ නෑ.....
මේ හැමදේම ලියෝන්ව පිස්සු වට්ටනවා....

එකම වෙනස කලින් එයා ගෙදර ඉද්දි එයාට සටන් කරන්න කේන්ති ගන්න හේතුවක් තිබ්බෙ නෑ.... එයාට  දොර කඩලා දාලා පැනලා දුවගෙන යන්න ඕනෙ වෙන කෙනෙක් හිටියෙ නෑ.....
ඒත් දැන් ඉන්නවා....

"මට එළියට යන්න දීපං !!! මගේ දරුවව මට දීපං... !!! සීන් !!! උඹට කියන්නෙ මම !!! මගේ දරුවව දීපං...."

ලියෝන් කේන්ත්යෙන් කෑ ගැහුවත් එයාගෙ කටහඩ බිදෙනවා.. එයාගෙ අත් වෙවුලනවා.....
වෛශාලි නැතුව දවස් තුනක් .....
ඉපදුණු දවසෙ ඉදලා එක මොහොතකට ඈත් නොකරපු දරුවගෙන් ඈත් වෙලා ගතවෙන හතරවෙනි දවස....

මේ ගෙදර තියෙන්නෙ කොහෙද?? මේක කාගෙද?? ලියෝන් මේ මොනවත් දන්නෙ නෑ...
දන්න එකම දේ එයා තමයි මේ ගෙදර ඉන්න හැමෝගෙම පොදු හතුරා...
එයාගෙ ඇගේ දුවන රාජගුරු ලේ පිලිකුල් කරන අයයි මේ ගෙදර ඉන්නෙ....

වෛශාලි විතරක් නෙවෙයි .......එයාට සීන්වත් ඕනෙ.....
ඒත් එයාට දැන් එයාට මේ ඉන්න කෙනාගෙන් එයාගෙ සීන්ව ඉල්ලලාම එපාවෙලා....

දවසට තුන් පාරක් කෑම අරන් එන්නෙ සීන්.....
කොච්චර කේන්තියෙන් කෑ ගහන්න හැදුවත් සීන් දකිනකොට එයාගෙ පපුව රිදෙන්න ගන්නවා....
උගුරෙ මොනවදෝ හිරවෙනවා......

දෙයියනේ....
මේ මම ආදරේ කරන මනුස්සයා.... 
මාව තුරුල් කරන් නිදාගත්තු... මගේ ඔලුව අතගාපු.. මාව වැලදගත්තු මගේ මනුස්සයා....

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now