පනස් දෙවනි කොටස

1.1K 175 53
                                    


ඔක්කොමලා පිටත් වෙලා විනාඩි දහයක් ව්තර යනකොට තමා ලියෝන්ට මීටර් වුණේ කොහෙහරි යන කතාවක් කීවා කියලා.....

"මේ කොහෙද යන්නෙ අපි....
තමුසෙලා දෙන්නා මාව පැහැරගෙනවත් යනවද...."

ලියෝන් කාර් එකේ ෂටර් එකෙන්  එළිය බලලා කීවෙ මොකුත් හිතාගන්න බැරුව.......
මොකද එයා හිතන් හිටියෙ ගෙදර ගිහින් ඇදට පැනලා පැය දෙකක විතර නින්දක් දාන්න......
වැඩ කරලම ඇගට මහන්සියි...

ඒත් ගෙදර යනවා වෙනුවට එයාලා නගරෙන් ඈතට යනවා....  වේගෙන් ගස් , කඩ සාප්පු පහු කරන් යන දිහා බලලා ලියෝන් ෂීට් එකට හේත්තු වුණා......

" ඔයාව පැහැරගෙන ගිහිල්ලා ඇති පලක් තියේද අයියෙ..... මොකෝ ඇති දෙයක් තියෙනවැයි....

අශිනි පිටිපස්ස බල බල ලියෝන්ට කීවෙ වෛශාලිවත් අතේ තියන් හිනාවෙවී .....
වෛශාලිත් අශිනිගෙ උකුල උඩ ඉදගෙන එයාගෙ දිග කොණ්ඩ කරලෙන් අල්ලගෙන සෙල්ලමක්....

"ඇයි මගේ අසාමාන්‍ය කඩවසම් රූපෙ පෙන්නලා දිව්‍යලෝකෙන් ආව සුර කුමාරයෙක් කියන්න පුලුවන්නෙ... "

"ඇස් පොට්ටයොන්ට වෙන්න ඇති....
බෝල පැන්ඩෙක් වගේ ඉදගෙන අසාමාන්‍ය කඩවසම්ලු....ඔන්න හේසර අයියා ගැන වගේ නං කීවත් කමක් නෑ......"

ලියෝන් අශිනිගෙ ඔලුවට පාරක් ගැහුවෙ අතේ තියන් බල බල හිටිය ෆයිල් එකෙන්ම.....
ලියෝන් අකමැතිම දෙයක් තමා එයාව බෝලයක් වගේ.... කියුට්.... පැන්ඩෙක් වගේ කියන එකට.....

"අනේ බලන්නකො හේසර අයියෙ...මෙයා මට ගහනවා......  "

අශිනි පොඩි එකෙක් වගේ කෑ ගහනවා...

"ඩේලි මෙයාගෙන් ගුටි කන කෙනෙක් විදිහට කියන්නෙ නංගි...... ඕක නවත්තන්න බෑ... පුරුදු වෙන්න තමා තියෙන්නෙ..... බැදගත්ත බෙරේ ගහන්නම වෙනවනෙ... වැඩේ කියන්නෙ මම බෙරේට ගහනවට වඩා බෙරේ මට ගහනවා..... "

"සීන්!!! "

ලියෝන් රැව්වෙ සීන් එතනින් අදහස් කරපු එක හොදටම තේරිලා...
හරි විහිලුව.... දෙන්නම තරගෙට හිනාවෙනවා....
මාවම මඩවපල්ලකො...
හැපි ෆැමිලි එක ඉස්සරහා ...
මම තනියම පිටිපස්සේ ...
ලස්සනයි ඉතිං නැන්දියි තාත්තියි දූයි හිනාවෙවී එකට ඉද්දි...
ඒ වුණාට ඕක බදින්න වෙන්නෑ....
ඉක්මනට කවීන්ට මේකිව සෙට් කරන්න ඕනෙ... නැත්තං මං ඉරිසියාවට පුපුරලා මැරෙන්නෙ.....

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now