තිස් හතරවෙනි කොටස

1.1K 202 58
                                    


"එයා ඇවිත්ද කොහෙද..... "

සිගිතිට සිංහල පාඩමක් කියලා දෙන ගමන් හිටිය ලියෝන් දෙක වසරෙ සිංහල පොතත් එහෙමම තියලා නැගිට්ටෙ ඉදගෙන හිටිය පුටුවෙ ඇන්දට අතක් තියලා වාරුවෙලා.....

"උයාට සීන් මැණික ආව ගමන් මාව අමතක වෙනවනෙ ඉතිං .... "

සිගිතිගෙ නෝක්කාඩුවට හරියන්න නළලටත් හාද්දක් තිබ්බ ලියෝන් ගාට ගාට දොර ගාවට ඇවිද්දා.....

දොර අරිනවත් එක්කම සීන්ගෙ ඇස් දෙක දැක්ක ගමන් ලියෝන්ගෙ හිත පිරුණා....
ලියෝන් දොර පඩිය උඩ.... සීන් බිම........
ඉතින් වෙනදට ලියෝන්ට වඩා උඩින් තියෙන සීන් ගෙ ඇස් අද පහළින්.......

"සීන්........"

පහුගිය දවස් දෙකක් තිස්සෙ හිතේ හිරකරන් හිටිය. පාළුව, බය , දුක....
ඔය ඔක්කොම හැගීම් ලියෝන් තනි වචනෙන් පිට කරද්දි සීන් ගෙ අත් දෙක ලියෝන් වටේට එතුණා.....
ලියෝන්ගෙ අත් දෙකත් සීන්ගෙ උරහිස් වටේ එතිලා තුරුල් වුණා.....

"ලියෝ බබා... මං ආවනෙ ඉතිං... ඇතුලට යංද.... "

"ඉන්නවකො මිනිහො පොඩ්ඩක්..... මට මෙහෙම ඉන්න ඕනෙ.... මොකද තදියම....."

ලියෝන් සීන්ගෙ එක කනක කම්මුල ඇතිල්ලුවා... නළලට පුංචි පුංචි හාදු තිබ්බා.....
අන්තිමට ටිකක් ඈත් වෙලා සීන්ගෙ මූණ දිහා හරිම හැගීම්බර බැල්මක් එක්ක බලන් හිටියා...

"දන්නවද...ඔයා හරියට හදක් වගේ සීන්!!..
හැමදාම පායන්නෙ නෑ....ඒත් මගේ අහසෙ පායපු දාට මගේ මුළු ලෝකෙම එළිය වෙනවා......"

ලියෝන් කලින් හිටියේ කේන්තියෙන්.. සීන් එනකන් එයාට ඉවසගෙන ඉන්න බැරිවුණා.....
ඒත් සීන්ව දකින මොහොතෙදි ඒ හැම තරහක්ම වාෂ්ප වෙලා ගියා....

එයාගෙ වචන වලට සීන්ගෙ ඇස් සැනසීමෙන් පිරෙන හැටි ලියෝන්ට පෙනෙනවා....
මේ දවස් ටිකේ සමහර වෙලාවට ලියෝන්ට තරහා ගියාම බැනුම් අහන්නෙ සීන් ..... ඉතින් එයාගෙන් පිටවෙන සමහර වචන ගැන ලියෝන් පස්සෙ පසුතැවෙනවා.....
ඒ නිසාමයි වෙනදට හංගගන්න සීන් ගැන තියෙන ආදරේ ලියෝන් වචන කරන්න උත්සාහ කරන්නෙ....

"සීන් .... ඔය මොකද කරන්නෙ...."

ලියෝන් හිනාවෙවී කෑ ගැහුවෙ සීන් නැවිලා දණහිස් යටින් අතදාලා ලියෝන්ව එයාගෙ දෝතට ගනිද්දි...

රුහිරු බැදි බැමි ☑️Donde viven las historias. Descúbrelo ahora