හතලිස් අටවෙනි කොටස

664 147 45
                                    

රෑ දොලහට කිට්ටුයි.....
පාරවල් වල වාහන නම් තාමත් තියෙනවා.....
එළිය විහිදුවන ලයිට් කණු වේගෙන් පස්සට යද්දි ලියෝන් මාරාවේශෙන් වගේ වේගෙන් ඩ්‍රයිව් කරන්න ගත්තා..
පොලීසියෙන් නතර කරාවි...වාහනේක හැප්පේව් කියලා හිතන්න තරම්වත් ලියෝන්ට සිහියක් නෑ....

ඇස් බොදවෙලා ස්ටියරින් වීල් එකේ තියන් ඉදිය අත වෙව්ලන්න ගත්තත් ලියෝන් නැවැත්තුවෙ නෑ.......

ප්‍රධාන පාරෙන් ඈතට ගිහින් අලුත් ගෙදර තියෙන ගම්බද ආශ්‍රිත පැත්තට වාහනේ දානකොට පැයක් විතර ගිහින්.....
ලියෝන්ගෙ කේන්තියයි වේදනාවයි උපරිමේටම ගිහින්......

යාන්තමටවත් ස්ලෝ නොකරපු වාහනේ අන්තිමේදි එක පාරටම නැවතුණේ පාර හරස්වෙලා වැටිලා තිබ්බ අත්තක් දැකලා...

මේ මහ රෑ දොලහට අත්තක් වැටුණේ කොහෙන්ද...  දැන් ඉතිං බහුකාපං..
කිට්ටුවක වාහනයක්වත් නෑ.......

මෙච්චර වෙලා හිත අස්සෙ තද කරන් හිටිය වේදනාව පිට පැන්නෙ මේ වෙලාවෙ.....

මේ හරිය ජනාකීර්ණ නෑ.....
තනි පාරක්....
අසේල මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ඕන නිසාම ටිකක් ඇතුලට වෙන්න තැනක තමයි නැවතිලා ඉදියෙ.....
මේ හරිය මේඝවර්ණලාගෙන් ආරක්ෂිතයි කියලා ලියෝන් දන්නවා..
සීන් එයාගෙ ආදරණීය තාත්තට නොකිව්වොත් තමයි ඉතිං......

සීන් ස්ටියරින් වීලූ එකට පාරක් ගහලූ දත් මිටි කෑවා. ..
ඒපාරේ එළියකට කියලා තිබුණේ මීටර් විස්සක් විතර ඈතින් තිබුණ ලයිට් කණුවෙන් විහිදුණ කහ පාට මලානික එළිය විතරයි....
ලියෝන්ට දැනුනෙ මූසල ගතියක්......
කාර් එක ඇතුලෙත් ළා එළියක් විතරයි තිබුණේ....
කාටවත් එයාව පිටට පේන්නෙ නෑ.....
ඉතින් එයාගෙ මූණෙ තියෙන කේන්තියයි තරහයි මිශ්‍ර වුණ හැගීම් පෙනෙන්නෙත් නෑ...

"ෂිට්... තමුසෙ ඇයි මට මෙහෙම කරන්නෙ මිනිහෝ... තමුසෙ මාවයි මගේ පොඩි එකීවයි අතෑරියා මදිවට තව අපහාස කරන්නත් එනවද..... මටත් තියෙන්නෙ හිතක්...උඹ!! ..උඹ තමා ඒක හොදටම දන්නෙ.....දැන දැනත් ඇයි උඹ මාව මෙහෙම කෑලි කෑලි වලට බිදින්නෙ... ඇයි සීන්?? ඇයි?? ....."

ලියෝන් කාර් එක ඇතුලෙ ඉදගෙන හයියෙන් කෑ ගහලා ඇහුවෙ හිස් අවකාශෙන්.......
උත්තර නෑ...
උත්තර දෙන්න පුලුවන් මනුස්සයා මෙතන ඇත්තෙ නෑ......

රුහිරු බැදි බැමි ☑️Where stories live. Discover now