"මැණිකේ.... නේත්රා... කෝ...මං දිහා බලන්නකො ඒයි..."විභූති නේත්රාගෙ කෙස් කැරැල්ලක් හදද්දි නේත්රා ඇස් ලොකු කරලා බැලුවා...
"මට තාමත් හිතාගන්න බෑ විභූ... ලොකු වෙද මහත්තයා අපට කරකාර බදින්න කැමැත්ත දුන්නයි කීවම..."
විභූති ඒ කරකාරෙ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙන දේවල් හිත කොණකට තල්ලු කරලා දාලා නේත්රාගෙ ඔලුව අතගෑවා...
"මං උඹව අතාරින්නෙ කොහොමද මැණිකෙ... උඹ නැතුව මම ජීවත් වෙන්නෙ කොහොමද... උඹ නැති දාක මම මළ කදක් විතරයි..."
නේත්රා රවාගෙන විභූතිගෙ කට වැහුවෙ දැන් දැන් පිටට නෙරාගෙන එන කුසට අතකුත් තියාගෙන නැගිටලා...
"මූසල කතා දොඩන්නෙ ඇයි මහත්තයො... "
නේත්රාගෙ ඇස් වල කදුළු පිරිලා...
විභූති එයාගෙ වක්කඩක් වගේ කටට තනියම දොස් කියාගත්තා...
දරුවො ලැබෙන්න ඉන්නකොට පුංචි පුංචි දේටත් ගෑනු උදවියගෙ හිත හෙලවෙනවා කියලා විභූති අහලා තියෙනවා..."මං මැණිකෙව දාලා යන්නෙ නෑ...ඉතිං අඩන්ට තියාගන්න එපා..... හිනැහෙන්නකො එක පාරක්..උඹැහෙ ලස්සන හිනැහෙනකොට..."
විභූති නේත්රාගෙ හිස අතගාද්දි නේත්රා විභූතිට තුරුල් වුණා...
විභූතිගෙ අත නේත්රාගෙ කුස ඉස්සරහින් නවතිද්දි එයාට දැනුනෙ මුළු ලෝකෙම අයිතිකාරයා තමන් කියලා...මේ අහිංසක ආත්ම දෙක තමන්ටම ලියාගන්න විභූති ඕනම දෙයක් කරන්න සූජානං...
"මැණිකෙ තව ටිකක් ඉවසන්න.... ගෙදරින් අවසර ලැබුණනෙ...මම මැණිකෙව ඉක්මනටම මං ලගට ගන්නවා... "
විභූති නේත්රාගෙ අතේ තියෙන විවාහා පොරොන්දුවට දුන්නු පළදනාවට හාදුවක් දුන්නෙ නේත්රාගෙ ඇස් දිහා බලාගෙන.....
"විභූ.... මහත්තයො......"
නේත්රා විභූතිගෙ තුරුල්ලෙ ඉන්න ගමන්ම ඇස් උස්සලා බැලුවා...
නේත්රා හරි පුංචියි.... විභූතිගෙ උරහිසට විතර..... ඉතින් විභූතිට නේත්රා මේ වගේ බලද්දි පේන්නෙ පුංචි දැරිවියක් වගේ.....
![](https://img.wattpad.com/cover/359763279-288-k45170.jpg)
VOUS LISEZ
රුහිරු බැදි බැමි ☑️
Fanfictionවිනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~