අටවෙනි කොටස

964 194 65
                                    


"....ස්ස්ස්.... ස්ස්ස්....."

විභූති පුංචි පුංචි ගල් කෑලි අහුලගෙන නේත්‍රා උන්න දිහාට විසි කලේ අනිත් අයට නොපෙනී නේත්‍රාගෙ අවධානෙ ගන්න හිතාගෙන....

වෙද ගෙදර කිට්ටුවම තියෙන බූටෑව දිහා බෙහෙත් පැළ හොයන්න නේත්‍රායි තව කීපදෙනෙකුයි ඇවිදිල්ලා කියලා විභූති අහම්බෙන් දැක්කෙ....

වෙද ගෙදර අයිනෙම හදාගත්තු පෙරකදෝරු කාර්යාලෙ ඉන්න නිසා අදනං විභූති ජැන්ඩියට ඇදලා.....
ෂර්ට් , කලිසම් ඇදලා සපත්තුත් දාලා....

නේත්‍රාට දැක්කොත් ආඩම්බර හිතෙයි...
ඒකමයි බූටෑව දිහාවට ගිහින් ටික වෙලාවකට විතරක් හරි මුණ ගැහෙන්න තැනුවෙ...
අනිත් අයට හොරෙන් මුණ ගැහෙන්නත් එපැයි....

විභූතිව මුලින් දැක්කෙ නේත්‍රා එක්ක හිටිය අමිත්ත ....
පොඩි එකා අක්කණ්ඩිගෙ කනට කරලා රහස කියනවා ඇහුණම විභූති මුවා වෙලා හිටිය පදුරෙන් තව එහාට ගියා.....

ටික වෙලාවකින් නේත්‍රා ඉණටත් අත්දෙක තියාගෙන විභූති ඉස්සරහා...

"පෙරකදෝරු මහත්තයට නඩු හිගද... බූටෑ ගාණේ රිංගලා කෙල්ලන්ට කොචොක් කරන්නෙ....."

අතේ තිබිච්ච සපත්තු දෙක බිමින් තියලා විභූති බුම්මගත්තා..

"ඉතිං මැණිකෙව බලන්නනෙ ආවෙ...කේන්ති ගන්න එපා ...."

"ඇයි සපත්තු ගැලෙව්වෙ.... කටුත් ඇනිලද දන්නෑ.... බේබිලාට හුරුද කැලේ කටු වැල් උඩ ඇවිදලා..."

"සද්දෙ ඇහුණොත් කියලා ගලව ගත්තෙ... මම බලන්න එන්න එපාද ඒ කියන්නෙ....??"

නේත්‍රා බොරුවට කේන්තියෙන් කෑ ගැහුවට එයාගෙ ඇස් හිනාවෙනවා විභූතිට පේනවා....
විභූති එයාව බලන්න ආවා කීවම කන් දෙකත් රතු වුණා....

"දැන් ඉතිං බලාගත්තනෙ... බිසෝ  නගා හෙම විභූව දකින්න කලින් ගියොත් හොදා..... "

"දාලා යන්ට හිතෙන්නෑනෙ..."

විභූතිගෙ අත ළාවට නේත්‍රාගෙ සිනිදු අතක් එක්ක පැටලුණා....

නේත්‍රාගෙ අතේ තියෙන්නෙ රතු පාට නූලක් විතරයි....
ඒ අතට වළල්ලක් දාන්න තියෙනවනං...

රුහිරු බැදි බැමි ☑️Dove le storie prendono vita. Scoprilo ora