"ඔයා මොනවද මේ කරගත්තේ ඇයි මෙච්චර හිතුවක්කර තිරණයක් ගත්තේ අනේ.... නෑ නෑ ප්-ප්ලීස් ඔයා නැතුන් මන් අමරණීය වෙන එකේ තේරුම මොකක්ද අනේ එපා.... "
"ආශ් " මොකක්ද ඒ හීනේ මොනවද හැමදාම මට මේ පේන්නෙ හරියට ටෙලිඩ්‍රාමා එකක කොටස් වගේනේ කවුද ඒ හිටියේ යුහාන් හැමදාමවගේ අදත් හීනේන් ඇහැරුනේ විසදගන්න බැරි ප්‍රශ්න ගොඩක් එක්ක
"ලොකු බේබී දැන්ද නැගිට්ටේ...මෙන්න කිරි එක බොන්න.. " නැනී කිවුවේ තාම ඇස් දෙක පොඩි කරනගමන් ඇදෙන් බහින්න කම්මැලි කමේ දගලන යුහාන්ට
"හා.. ආ.......!!! ඔහෙන් තියලා යන්න නැනී" යුහාන් තඩී ඇනුමකුත් ඇරලා නැනීට කිවුවේ නැනී හිනා වෙලා එයා දිහා බලන් ඉද්දි ඔව් ඉතින් තාම පොඩි එකා වගේ හිටියට දැන් අවුරුදු දහනවයක් ඒත් නැනීටනම් තාම එයා අවුරුදු පහක දහයක පොඩි ළමයෙක් ගානයි
පරක්කු වෙලා නැගිට්ටට මොකද යුහාන් මේ කඩි මුඩියේ ලෑස්ති වෙන්නෙ තාත්තගේ කම්පැණි එකට යන පළවෙනි දවස අද නිසා අදත් පරක්කු වෙලා ගියොත් හම්බෙන සබ්බුව එච්චරටම හොද නිසා පාම් පෙති දෙකකුත් කටේ ඔබාගෙන් කාර් එකට පැන්නෙ මෙච්චර වෙලා හුස්ම ගන්නත් අමතකවුන ගානට හති දාන ගමන්...
යුහාන්ලගෙ ෆැමිලි එකම ජීවත් වෙන්නෙ ඉතාලියේ තාත්තා ලොකු බිස්නස්මන් කෙනෙක් අයාන් වික්‍රමාරච්චි ඉතින් එයාගේ ලොකු පුතා තාමා නෙලීශ යුහාන් වික්‍රමාරච්චි යන්නත් අවුරුදු දහනවයක් වෙච්ච සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන තාම කොලේජ් යන යුහාන් අම්මට අනුවනම් කියනදේ නාහෙට නාහන බූරු පැටියෙක්....යුහාන්ගේ අම්මා ශානී වික්‍රමාරච්චි යුහාන්ට ට්වින් තව සහෝදරයෙක් ඉදලා තියනවා එයාව පොඩි කාලෙදිම කට්ටියක් කිඩ්නැප් කරලා අවුරුදු දහනවයක් තිස්සෙ තාමත් එයාව හොයනවා උනත් කිසිම හෝඩුවාවක් නෑ
"සොරි තාත්තේ පරක්කුවුනා ටිකක් " යුහාන් ඔලුවත් කසන ගමන් තාත්තට කිවුවේ සීතල බැල්මකින් තාත්තා යුහාන්ට සන්ග්‍රහ කරද්දි..ඉතින් දෙයියනේ මන් මොනා කරන්නද එලාම් එක අහුනේ නෑ අනික තාත්තට තිබ්බ මට කතා කරලා යන්න හුම්ම්... එක ගෙදර ඉදන්නෙ යන්නෙ එකට එන්න තිබ්බනේ දෙන්නටම ගැම්මෙන් දැන් ඉතින් මේකේ ඔක්කොම මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නෙ ඇයි ... යුහාන් ඇහි බැමක් උස්සලා එයා දිහා බලන් හිටිය දෙන්නෙක් තුන්දෙනෙක්ටම සන්ග්‍රහ කරේ එයාලා ආයෙම බිම බලා ගනිද්දි
YOU ARE READING
The Death Oath
Fantasy" පොරොන්දු කඩන්න හොද නෑ හේසල්.... මට මේ වතාවෙත් සමාවෙයන්......" පෘථිවියට සමාන්තර වූ අන්තර ලෝකයක් විය එය නොයෙකුත් මායාවන්ගෙන් පිරී පැවතින මනුෂ්‍ය වර්ගයාට සමාන වූ ඔවුන් නිරන්තරයෙන් මිනිසා සමග මුහු වන්නට විය..... වැම්පයර් කින්ඩම් හී එවනෝර් වරයෙකු බ...