part 3

160 11 27
                                    

වෙයාවෘල්ෆ් බංගලාව තිබ්බෙ ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න ලොකු සයිප්‍රස් ගස් වගේම ගොඩක් ෂර්මන් ගස් වලින් වටවෙලා තිබ්බ හුදකලා තැනක.. ගොඩක් වෙලාවට බංගලාවට වෙයාවෘල්ෆ්ලා ආවේ නැති උනත් මේක බලාගන්න සේවක වැම්පයර්වරුන්ට පැවරිලා තිබුනා..

" ආ...හ් !!! මෙච්චර නිදහසක් මෙතන තියනවා කියලා දන්නවනම් අපාර්ට්මන්ට් එකට වෙලා කාලෙ කන්නෙ නෑ අපේ ජෙයියනේ.... " බැල්කනි එකට වෙලා වට පිටාව රස විදින ගමන් ලිනෝ තනියම මුමුණන්න ගත්තෙ හිතේ තියන බර ඔක්කොම එක හුස්මකින් පිට කරන ගමන්

" යුව රජතුමනි " ලිනෝගේ දැහැන බිදිලා ගියේ ප්‍රධාන සේවක වැම්පය රොඩ්ගේ කටහඩට

" යුව රජ... මේ අහන්න මේක පිටත ලෝකේ මෙහෙදි මට ලිනෝ කිවුවට කමක් නෑ.... අනික මෙහෙ මිනිස්සුන්ට ඇහුනම අනේ මන්ද... කොමන් සෙන්ස් නැද්ද ආ......හ්!!! " ලිනෝ තද බැල්මක් එක්ක කිවුවේ රොඩ් බිම බලා ගන්ද්දි

" යුව රජ මට --- නෑ මම මේ කිවුවේ.... සමාවෙන්න ලිනෝ සර් "

" හරි කමන් නෑ ලිනෝ සර් හොදයි එහෙම කියන්න "ලිනෝ රොඩ්ගේ පිටට තට්ටුවක් දාන ගමන් සක්කුවට අත් දෙක දාගත්තේ ටවුම පැත්තට යන්න හිතාගෙන

" සර්ට අවශ්‍ය මොනා හරි තියනවනම් මාව දැනුවත් කරන්න " ලිනෝව ෆ්ලෝ කරන ගමන් රොඩ් කිවුවේ යටත් ස්වරයෙන්

" නෑ දැනට මොකුත් අවශ්‍ය නෑ ඔයා යන්න " කාර් එකේ යතුරත් අරන් දොරෙන් එලියට පැන්න ලිනෝ රොඩ් දිහාවත් නොබලා කාර් එක ලගට ගියේ රොඩ්ව මගාරින්න ඕනේ නිසාමයි මොකද රොඩ් කියන්නෙ ටයිලර් රජුගේ දකුණු අත කියලා ලිනෝ නොදන්නවාම නෙවේ ඒ නැත්තත් ලිනෝනම් රොඩ්ට වැඩිය කැමති නෑ හැමදේම හාර හාර හොයා බලන එක ලිනෝට වැඩිය ඇල්ලුවෙ නෑ ...

" යුහාන්.... යුහාන් කොහෙද ඉන්නෙ අප්පා මේ කොල්ලා මම කොහෙන් හොයන්නද "
කා එක පාර්ක් කරලා ග්‍රෑන්ඩ් ඇලට මූනලා තිබ්බ බන්කුවක ඉදගත්ත ලිනෝ බර කල්පනාවකට වැටුනේ එයාටම නොදැනීමයි
හයෝ....හ් මොකක්ද දෙයියනේ මේක කොච්චර ලොකු නගරයක්ද මට තාම සෙන්ස් ඇත්තෙත් නෑ එයාගේ මම කොහෙන්ද අප්පා මගේ ආර්ලෝව හොයා ගන්නෙ ..... ඉන්න !!! එයා ආර්ලෝනම් මට එයාගේ සෙන්ස් එක දැනෙන්න ඕනේ ඕ..හ් ශිට් ඇයි මට ඒක කලින් මතක් නොවුනේ ....

The Death Oath Where stories live. Discover now