Part 2

126 7 30
                                    

" කොහොමද ලිනෝ .... ගොඩකාලෙකින් පැලස් එකට ඇවිත් " බර කල්පනාවක වැටිලා හිටිය ලිනෝ ලස්සන හිනාවකින් පිලිගත්තේ එයාගේ අතිජාත මිත්‍රයා යුන් ජේසෝ යුන් කියන්නෙ කින්ඩම් එකෙව් අයට ගොඩක් පූජණීය කෙනෙක් මොකද වැම්පයර් වරුන්ගේ ප්‍රදාන පූජකයගේ පුතා යුන් ඒත් ඒක ලියෝටවත් ජේසෝටවත් අදාලම නෑ වගේ දෙන්න ඉන්නෙ එකටමයි කරන්න පුලුවන් ඔක්කොම ජඩ වැඩ කරන්නේ කින්ඩම් එකේ ඉහලම පෙලපත් දෙකේ ඉන්න මේ ජෝඩුව තමා

" ඉතින් කොල්ලො මාවත් මතක් වෙලා තියෙන්නෙ " ලිනෝ හිනාවෙලාම ඇහුවේ ජේසෝගේ පපුවට පොඩි පන්ච් එකකුත් දෙන ගමන්

" නැතුව බෑනේ .. ඉදලා හිටලා පැලස් එක පැත්තට එන අපේ යුවරජු බලන්න නෑවිත් කොහොමද... ම්ම්... " ජේසෝ කිවුවේ ලිනෝ දිහාට බැරෑරුම් බැල්මක් එල්ල කරන ගමන් මොකද ලිනෝ ප්‍රශ්නයක් නැත්තන් ලේසියෙන් පැලස් එකට එන්නෙ නෑ කියන්න ජේසෝ දන්නවා..මොකද ජෙසෝ හැමදාම කින්ඩම් එක පැත්තට ආවත් ලියෝ පිටත් ලෝකේ අපාර්ට්මන්ට් එකක ඉන්නෙ වැඩිය කින්ඩම් එකට එවෙන්නෙම නැති තරන්

ඇත්තටම ලිනෝ කියන්නෙ වැම්පයර් කින්ඩම් එකේ ටයිලර් වෙයාවෘල්ෆ් රජුගේ සහ කැමී වෙයාවෘල්ෆ් ආර්යාවගේ පුත්‍රයා ලිනෝ හේසල් වෙයාවෘල්ෆ් වැම්පයර් කින්ඩම් එකේ බලවත්ම සහ අමරණීය රජ පෙළපත තාමා වෙයාවෘල්ෆ් පෙළපත මොවුන්ට සන්සුන් වූ විට කොළසහ දුඹුරු මිශ්‍ර වර්ණවත් ඇස් හිමී වූ අතරම අනෙක් වැම්පයර් වරුන්ට වඩා ස්වයංපාලනයක් මොවුන්ට තිබුනා ඒ හේතුවෙන්ම මිනිස් ලෝකය සමග සමානව ගැටෙන්නට සහ පිටත් ලෝකයෙන් මොවුන්ගේ විටක රත් පැහැයෙන් දීප්තිමත් වෙන කෘර දෑස් සගවගන්න මොවුන්ට හැකිවුනා කිවුවොත් හරි

" උබට හංගන්න ඕනේ නෑ මේ දේවල් මට හන්ගන්නත් බෑ කියලා උබ දන්නවා ජේසෝ...." ලිනො ජේසෝටත් බ්ලඩ් ඩ්‍රින්ක් එකක් දෙන ගමන් ජේසෝ ලගින් වාඩිවුනේ බර කතාවකට මුලපුරන්න කියලා ජේසෝ දන්නවා

" හරි දැන් මට මුල ඉදන් විස්තරේ කියන්නකෝ එහෙනම් ම්ම්ම්... " ලිනෝගේ හැගීම් විරහිත වූ ඇස් දිහා බලාගෙන ජේසෝ කිවුවේ හරිම සන්සුන්ව

" උබ දන්නවද ඊයේ සෙරමනි එකේදී ඒ- ඒ- ඒ වෙලාවේ ..ම්.... " මන් කොහෙන්ද මේක ජේසෝට කියන්න පටන් ගන්නෙ මම හරිද දන්නෙ නෑ නෑ නෑ එයා... අනේ මට බෑ

The Death Oath Where stories live. Discover now