Part 16

87 5 0
                                    

හතර අතම ඝණ අන්දකාරෙන් වහගෙන තියනකොට ලිනෝ කුටිය මධ්‍යයේ රන්වන් පාටට දිස්නේ දෙන සෝරින් පුරාණය වෙත ලන් වෙමින් තිබුනා පෙර දිනමෙන් ඒ වෙත ලගාවීම අමාරු නොව්නත් පොතට ලංවෙන්න ලංවෙන්න එය ඈතට යන ගමන්තිබුනා..... නොනවත්වා ගමන් ගැනීමට තීරණය කල ලිනෝ ඉදිරියට යත්ම පුරාණය අතුදන්ව එතැනින් දොරටුවක් මතුවෙනවත් සමගම ඇතුලට ඇරයුම් කරන්න වගේ ද්වාරය විවරවුනා ....

" වට්-"

ද්වාරය හරහා ඇතුලට පැමිණි ලිනෝ පුදුම උවත්..." කිසිම වෙලාවක මොන දේ සිද්ද උනත් වචනයක් කතා කරන්න එපා "... ලිනෝ කටෙන් පනින්න ගිය වචනේ අත තියලා නවත්තගත්තේ ක්‍රිස්ටගෙන් ලැබුණු අනතුරු ඇගවීම සිහිවීමත් එක්කම වෙනකොට ලොකු හුස්මක් පහත දාපු ලිනෝ සෝරින් පුරාණය තැන්පත් කරලා තිබුණු මණ්ඩපය වෙත ලංවුණා .... එතන නිස්කලන්ක වගේම නිහඩ තැනක් කුටිය මැද සෝරින් පුරාණය තැන්පත් කරලා තිබුණා.... සන්දේෂයක හැඩයගත් කොපුවක් මැද පළිගුවක් තිබුණා වගේම රන්වන් පැහැයෙන් ජීවමාන චන්ද්‍රයා හා සමාන අඩසදක් සමග තරුරටාවකින් සෝරින් පුරාණය හැඩවෙලා තිබුණා ..... කුටිය කෙලවරක පුංචි දියපහරක් පොකුණකට කඩා හැලුණා හරියට පුංචි දිය ඇල්ලක් වගේ පොකුණ පුරා නෙලුම්මල් වලින් පිරිලා තිබුනා නමුත් වෙනසක් තිබුනා මල් දිලිසෙනවා සුවදයි ජීවමානයි නමුත් වීදුරු වගේ තනිකරම රෝස පාටින් දිලිසෙන වීදුරු මල් වගේ .....කුටිය ජීවයෙන් පිරිලා තිබුණා සොරින් වංශයට පමණක් විශේෂ වෙච්ච මායාකාරි ශාක වලින් පිරිලා තිබුනා තවද කුටිය ශුද්ධ වගේම අඳුරු මායාවන්ගෙන් පිරිලා තියන බව ලිනෝට දැනෙන්න අරන් තිබුණා ආපිට හැරුණු ලිනෝ කුටියේ හැඩ බලා අවසානයේ පුරාණය අතට ගන්නවත් එක්කම නීල වර්ණයෙන් ආලෝකමත් වෙච්ච රොබින් කුරුල්ලෙක් ලිනෝ වටේ කැරකිලා ගිහින් පොකුණ උඩ වහනවත් එක්කම එයා වැම්පය රූපෙකට මාරුවුනා......සුදුත් නොවන ලා රොස පාටකුත් නොවන අතර මැද පාටක් තිබුන ඔහු දිලිසෙනවා වීදුරු වගේ තනිකර ඔප දමන ලද ඉටි රූපයක් වගේ ..... කොන්ඩේ ඉණ ලගට කඩා හැලෙන්න දාලා තිබුණත් උඩට කරලා රිදී පාට පටියකින් රදවගෙන තිබුණා පරණ රාජකීය ඇදුමින් සැරසී සිටිය මොහු ලිනෝ දිහාට ඇවිදන් එනකොට ලිනෝ බය බිරන්ත වෙලා ඒ පැත්ත බලාගෙන හිටියේ පුදුමෙන් වගේම කලබලෙන් .... ඔහු අනුමාන කරා මේ කව්ද යන වග නමුත් ලිනෝ නෙවේ කට හෙල්ලුවේ....

The Death Oath Where stories live. Discover now