පහුවදා පහන් වෙද්දි, ඊයේ රෑ තිබුණ බියකරු බව අතුරුදහන් වෙලා ගිහින්.
ලින් ජියුෂ' දෙවෙනි මහලේ කොරිඩෝව දිගේ පහළ මාලයට යන ගමන් හිටියේ, ඒ අතරතුරේදී ඔහුට තුන්වෙනි මහලෙන් කොඳුරන හඬවල් වගේම ඝෝෂාකාරී හඬක් ඇහුණා. කීප දෙනෙක් කතා බහ කරන බවක් තමයි පේන්න තිබුණේ. ඔහු එතනට ගිහින් බලන්න අදහස් කළේ නැතත් වැඩි වෙලාවක් නොගිහින් කාන්තාවකගේ විලාපයක් ඔහුට ඇහුණා. මේ ඇඬිල්ල දුකෙන් වගේම හද කම්පාවෙන් පිරිලා තිබුණේ, මේ කාන්තාව දරුණු ඛේදවාචකයකට මූණ දීලා වගේ.
උඩුමහලේ සිද්ධ වෙලා තියන දෙය බලන්න යන්න තුන්වෙනි මහලට යන පඩිපෙළ නගින්න කලින් ලින් ජියුෂ' මොහොතකට පසුබට වුණා.
මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ලී වලින් හදපු එකක්. පඩිපෙළේ ලෑලි තරමක් පරණයි; එක්කෙනෙක් ඒවා උඩ කකුල් තිබ්බ ගමන්ම ඒවායින් ක්‍රීක් හඬක් ඇහෙනවා. පඩිවලට මිනිස් ශරීරයේ බර දරාගන්න බැරුව යන්තම් හෙලවෙන තැනුත් මේ අතරේ තිබුණා.
තුන් වෙනි මහලට ගිය ලින් ජියුෂ' ට කොරිඩෝවේ කීපදෙනෙක් හිටගෙන ඉන්න ආකාරය පෙනුණා.කොහොම වුණත්, ඔහුගේ විශේෂ අවධානය යොමු වුණේ වාතයේ තිබුණ ප්‍රබල ලේ ගඳට.
එතන හිටපු මිනිස්සුන්ගේ නහයට පීඩාකාරී වෙන තරමටම ඒ ගඳ ප්‍රබල වුණා. ඒ කොහොම වුණත්, ලින් ජියුෂ'ට ඇතිවුණේ සැනසිලිදායක හැඟීමක්. ඔහු සැහැල්ලුවෙන් පියවර කීපයක් ඉස්සරහට තියලා ප්‍රවේශමෙන් ඔවුන්ගේ පිටිපස්සට වුණා.
"මම ඒක දැනගත්තා" ඊයේ ලින් ජියුෂ' ට ආචාර කරපු දැවැන්ත මිනිහා ෂියොං චි, කතා කළේ පහත් වගේම බරපතල හඬකින්; ඔහු අනිත් අය එක්ක යමක් සාකච්ඡා කරන ගමන් හිටියේ. "අනිවාර්‍යයෙන්ම, ඊයේ මොකක් හරි වැරදීමක් වෙලා..."
ෂියාඕ ක' ත් මේ කතාබහට සම්බන්ධ වුණා; ඇය තවදුරටත් මෙහෙම කිව්වා, "මටත් ඒක දැනුණා, ඒත් මම හිතුවේ ඒක..." මේ වෙලාවෙදි, ඇය හැරිලා තමන්ගේ පිටිපස්සෙන් හිටපු ලින් ජියුෂ' දිහා බැලුවා. "ඒක අමතක කරන්න."
ලින් ජියුෂ' මෙහෙම හිතුවා,මේකෙන් ඔයා මොකක්ද අදහස් කළේ? ඔයා හිතුවේ ඒ කවුරු කියලද? මට කියන්න එපා ඔයා හිතුවේ ඒ රුඅන් බයිජිඒ යි මමයි කියලා? ඔහු ඇස් ඔසවලා ෂියාඕ ක' ට පිටිපස්සෙන් තිබුණ දොර දිහා බැලුවා.
ВЫ ЧИТАЕТЕ
🚪 මාරක බහුරූපේක්ෂය 🚪
Ужасы... නොයෙක් මානයන්ගෙන් මරණය කැඳවූ වගයි... ........................................................................................................ කතෘ : Xī Zǐxù (西子绪) පරිච්ඡේද ගණන: 139 + 10 extras ඉංග්රීසි පරිවර්තක : Taida Translations (Chapters 1...