14) නැවතත් යථාර්තයට

20 3 0
                                    

ලින් ජියුෂ' කෙළින්ම ඉස්සරහට යද්දි, එළිය එන්න එන්නම වැඩි වුණා; ඒ දීප්තිය ඔහුගේ ඇස්වලට පහර දුන්නේ නොකඩවා ඇස් පිය ගස්සවන ගමන්. වාසනාවකට වගේ, ඔහුගේ කකුල් වලට යටින් තියන මාර්ගය අසමාන වුණේ නැහැ, ඒ නිසා ඔහුට ඉස්සරහට යන එක ඒ තරම් අපහසු වුණේ නැහැ.

තමන්ට තව කොච්චර වෙලාවක් ඇවිදින්න වෙයිද කියලා ලින් ජියුෂ' කල්පනා කරද්දි, ඔහුට හදිසියේම කරකැවිල්ලක් ඇති වුණා. ඔහු ඉබේම ඇස් වහගෙන බිත්තියට හේත්තු වුණේ තමන්ගේ අත ඇඟට ආධාරකයක් කරගන්න ඌමනාවෙන්, ඒත් බිත්තිය අයිස් වගේ හීතල වෙයි කියලා ඔහු කොහෙත්ම හිතුවේ නැහැ. තමන්ගේ ඇස් විදගෙන හීතල ගලාගෙන යද්දි, ඔහු ඉක්මනින්ම තමන්ට ඉස්සරහින් තියන දෙය දිහා බලාගෙන හිටියා.

සාමාන්‍ය කොරිඩෝවක්, සාමාන්‍ය ගෙයක්, ක්ලාන්ත ගතියක්, විදුලි බල්බ ආවරණයේ මුදුනෙන් එන සුදු පාට දීප්තියක්. ඔහු වටේ තියන හැම දෙයක්ම ගොඩක් හුරුපුරුදු වුණා - ඔහු ඇත්තටම ආයෙමත් ඔහුගේ කොරිඩෝවට ඇවිල්ලා.

ඔහු ආපහු ආවාද? ලින් ජියුෂ' ටිකක් ව්‍යාකූල වෙලා හිටියේ; ඊළඟට මොනවද කරන්න ඕනෙ කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. මොහොතක් කල්පනා කළාට පස්සේ ඔහු සාක්කුවෙන් තමන්ගේ ජංගම දුරකථනය එළියට ගත්තා.

ජූලි 17 සිකුරාදා, ප.ව.8.00. ඔහු මේ ලෝකෙන් ගිය වේලාවටම ආයෙත් ඇවිල්ලා තිබුණා.

ලින් ජියුෂ' ට ඒක හොඳට මතක තිබුණා. 17 වෙනිදා හවස ඔහු තමන්ගේ මිතුරා එක්ක එළියට කෑමට යන්න සැලසුම් කරගෙන තිබුණා. ඔහු තමන්ගේ නිවසින් පිටවෙලා යන්න ලෑස්ති වුණත්, ඔහු එළියට යන්න දොර තල්ලු කරාට පස්සේ, ඒ වෙනුවට ඔහු දැක්කේ හිතාගන්න බැරි විස්තර කරන්න බැරි දර්ශනයක්.

ඔහුගේ සාමාන්‍ය කොරිඩෝව තියෙන්න ඕනි තැන හදිසියේම කළු යකඩ දොරවල් දොළහක් තියන කොරිඩෝවක් බවට පත් වෙලා තිබුණා. ඒ වෙලාවෙදි, ලින් ජියුෂ' තමන්ගේ කලිසම මූත්‍ර වලින් පෙඟෙන තරමටම බය වුණා. ඔහු සෑහෙන වෙලාවක් කොරිඩෝවේ හෙල්ලෙන්නේ නැතුව හිටියා, ඔහු හිතුවේ තමන් දවල් හීනයක් දකිනවා කියලා. කොහොම වුණත්, මේ දොරවල් වල සීතල සංවේදනය ඔහුට කිව්වේ තමන් මේ දකින දෙය තමන් මවාගත්ත හිතළුවක් විතරක් නෙවෙයි කියලා. ලින් ජියුෂ' තමන්ගේ වටපිටාව පර්‍ර්ක්ෂා කරද්දී ඔහුට තේරුණා මේ කොරිඩෝවෙන් පිටවෙලා යන්න භාවිතා කරන්න පුළුවන් අනික් හැමතැනක්ම දැනටමත් අතුරුදහන් වෙලා ගිහින් කියලා, ඔහුගේ නිවස පවා.

🚪 මාරක බහුරූපේක්ෂය 🚪Where stories live. Discover now