වේදනාවෙන් කෑ ගහන විදිය ලින් ජියුෂ' මීට කලින් අහලා තියනවා, ඒත් අද රෑ ඔහුගේ කන්වලට පහර දුන්න කාලකන්ණි කෑ ගැහීම් ටිකක් වෙනස්, ටිකක් සුවිශේෂයි. කෑ ගහන හඬ එක්කම බර දේවල් බිමට වැටෙන හඬත්, පස්සේ මහා ප්රචණ්ඩ ඝෝෂාවකුත්, පිළිකුළ් විදියට සාප කරන හඬකුත් ඇහුණා. කොරිඩෝවේ කවුරු හරි පොරකන හඬකුත් ඔහුට ඇහුණා. මනුස්සයෙක්ගේ කටින් උදව් ඉල්ලලා කරන අනුකම්පා සහගත කෑ ගැහිල්ලකුත් අවකාශය පුරා විහිදිලා ගියා.
"ආහ්! මාව බේරගන්න! උදව් කරන්න! කවුරුහරි මාව මරන්න හදනවා! මාව බේරගන්න-" කටහඬ ටිකක් හුරුපුරුදුයි. කටහඬ අඳුරගත්ත ලින් ජියුෂ' ඒක කණ්ඩායමේ එක තරුණියකට අයිති බව තීරණය කළා. ඇය ගොඩක්ම උස් හඬකින් කෑ ගැහුවේ, ඇගේ ගොරෝසු කටහඬින් තේරුණේ ඇයගේ මුළු ශක්තියම ඉවර වෙලා තියන බවක්.
ලින් ජියුෂ'ට ඒ කටහඬ ඇත්තක්ද නැත්තම්, තමන්ගේ හිතේ මැවුණ මනඃකල්පිත දෙයක්ද කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ කෑගැහිල්ල එන්න එන්නම සද්දේ වැඩි වෙලා ළං වෙද්දී ඔහුගේ හුස්ම ගන්න රටාව අවුල් වෙන එක තවත් වැඩි වුණා.
"උදව් කරන්න-" කෑ ගහපු කෙනා දෙවෙනි මහලට ආව බවක් පෙනුණේ. ඇය වියරුවෙන් වගේ කොරිඩෝව දිගේ දුවන ගමන් ඒ ශාලාවේ හැම දොරකටම නොනවත්වාම තට්ටු කළා. "කාටද මන්දා මාව මරන්න ඕන! මාව බේරගන්න! මම ඔයාලට කියන්නේ දොර අරින්න කියලා !! කරුණාකරලා, මම වැඳලා කියන්නම්, දොර අරින්නකෝ -"
අපොයි, ඇයගේ කන්නලව්වලට පිළිතුරු හම්බුණේ නැහැ, මොකද දොරක් අරින සද්දයක්වත් තිබුණේ නැහැ. හැමෝම තද නින්දකට වැටිලා වගේ; උදව් ඉල්ලලා මේ කෑ ගහන කන් විදගෙන යන හඬ ඔවුන්ට ඇහුණේ නැහැ.
ලින් ජියුෂ' තමන්ගේ ඇඳ උඩට වෙලා හිටියා. උදව් ඉල්ලන මනුස්සයා අන්තිමේට තමන්ගේ දොරකඩට එනකන්ම ඔහු කොයිම වෙලාවකවත් තමන් ඉන්න තැනින් හෙල්ලුනේවත් නැහැ.
"උදව් කරන්න! මට උදව් කරන්න!" තමන්ගේ අතින් දොරට තදින් ගහන ගමන් තරුණිය කෑ ගැහුවා. "කරුණාකරලා මේ දොර අරින්නකෝ! එයාට පිස්සු, එයාට මාව මරන්න ඕන! මම වැඳලා කියන්නම්, කරුණාකරලා, මම ඔයාලට වැඳලා කියන්නම් - මට මැරෙන්න ඕනේ නෑ! මම වඳින්නම්, කරුණාකරලා මාව බේරගන්නකෝ!!!"
YOU ARE READING
🚪 මාරක බහුරූපේක්ෂය 🚪
Horror... නොයෙක් මානයන්ගෙන් මරණය කැඳවූ වගයි... ........................................................................................................ කතෘ : Xī Zǐxù (西子绪) පරිච්ඡේද ගණන: 139 + 10 extras ඉංග්රීසි පරිවර්තක : Taida Translations (Chapters 1...