වන්ග් ෂියාඕයී ගැන අනික් අය කිසි දෙයක් හොයාගත්ත බවක් පේන්න තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අවධානය යොමු කරලා තිබුණේ තමන් ඉස්සරහ තිබුණ මළ සිරුරට.
"මරු. මම හිතුවේ නෑ මේ තරම් ඉක්මනට මළ මිනියක් හම්බවෙයි කියලා." ෂියොං චි, ලින් ජියුෂ'ගේ වාසනාව අගය කළා. "මම හිතුවේ අපිට මුළු රෑම එළියේ ඉන්න වෙයි කියලා."
"එන්න. අපි මිනිය ආපහු අරන් යමු" මළ සිරුර දැක්ක චං ව'න් සන්සුන් වුණා, ඔහුගෙන් පෙණුනේ ස්ථාවර බවක්. ඔහු ඉස්සරහට නැමිලා පිළිකුල් විදියට බිමට කෙළ ගැහුවා. ලොකු වෛරයකින් හිටිය ඔහු මිනීමරු බැල්මකින් වන්ග් ෂියාඕයි දිහා බැලුවා. "දැනට තමුන්ගේ ජීවිතේ බේරුණා කියලා හිතාගන්නවා."
වන්ග් ෂියාඕයි බයෙන් කෑ ගහන ගමන් ලින් ජියුෂ'ගේ පිටිපස්සේ හැංගෙන්න උත්සාහ කළා. ඒත්, මේ වතාවේ ලින් ජියුෂ' ඇයට තමන්ගේ පිටිපස්සේ හැංගෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔහු ඉක්මනටම වන්ග් ෂියාඕයී ගේ මැණික් කටුව අල්ලගෙන මෙහෙම කිව්වා: "එයාට බය වෙන්න එපා, අපි ඔයා ළඟ ඉන්නවනේ. චං ව'න් තමුන්ට ඔලුවේ අමාරුවක්ද? මොන මගුලකටද තමුන් ගෑනියෙක්ව බය කරන්නේ?"
චං ව'න් කේන්තියෙන් කෑ ගැහුවා,"ඒකි ඇත්තටම මනුස්සයෙක් නෙවෙයි, මම හැම දෙයක්ම දැක්කා!" ඔහුට තරමක මානසික ගැටලුවක් තිබුණ බව පෙනුණා; ඔහුගේ හැඟීම් ගොඩක් වේගයෙන් වෙනස් වුණා, ඔහු පහසුවෙන්ම ඇවිස්සුනා වගේම ගොඩක් කේන්ති ගත්තා. ඒ කොහොම වුණත්, ලින් ජියුෂ' තමන්ගේ කොටස කිව්වට පස්සේ ඔහු තවදුරටත් වන්ග් ෂියාඕයිට තර්ජනය කරන්න ගියේ නැහැ. ඔහු ඔලුව පාත් කරගෙන ෂියොං චි එක්ක හිමේ තිබුණ මළ සිරුර ගොඩගන්න පටන් ගත්තා.
මළ සිරුර දවස් කීපයක්ම හිමේ තිබුණ නිසා ගොඩක් ගල් වෙලා තිබුණත් ඒකෙ පෙනුම කලින් වගේමයි. බඩයි ඉණයි සම්බන්ධ වෙන ප්‍රදේශය වෙන් වෙලා තිබුණේ, එළියට පැනපු අවයව වගේම කොඳුඇට පේළිය හැමෝමට පේන විදියට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තිබුණා. ඒක රෝම කෙලින් කරන තරමේ බිහිසුණු දර්ශනයක් වුණා.
ලින් ජියුෂ' මේ ලෝකයට ආව මොහොතේම මේ දර්ශනය දැක්කා නම්, ඔහුට නිසැකවම වමනය යන්න එනවා. ඒත් මේ තරම් දවස් ගණනාවක් මෙහේ ගත කලාට පස්සේ, ලින් ජියුෂ' මේ දර්ශනය දිහා බලන් හිටියේ ගොඩක් සන්සුන්ව. ඔහුගේ හදවත යන්තම්වත් ගැහුණේ නැහැ. ඇත්තටම, ඔහුට තවත් ලං වෙලා ඒක පරීක්ෂා කරන්න ඕනෙ වුණා.
YOU ARE READING
🚪 මාරක බහුරූපේක්ෂය 🚪
Horror... නොයෙක් මානයන්ගෙන් මරණය කැඳවූ වගයි... ........................................................................................................ කතෘ : Xī Zǐxù (西子绪) පරිච්ඡේද ගණන: 139 + 10 extras ඉංග්රීසි පරිවර්තක : Taida Translations (Chapters 1...