13) āļ­āˇ€āļ­āˇŠ āļŊāˇāļšāļēāļšāˇŠ (Fitcher's Bird)

15 4 0
                                    

රුඅන් බයිජිඒ මේ විදියට අඬන්න පටන් ගන්න හැම තීරණාත්මක මොහොතකම ලින් ජියුෂ' ට ඇය එක්ක ගනුදෙනු කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ.

දෙන්නා කතාකරමින් ඉද්දි ෂියාඕ ක' යි ෂියොං චි යි ආහාර අරගෙන මුළුතැන්ගෙයින් එලියට ආවා. ඒ නිසා රුඅන් බයිජිඒ ඔවුන්ගේ සංවාදය ටික වේලාවකට නතර කළා. ඇය දීප්තිමත් විදියට හිනාවෙන ගමන් ලින් ජියුෂ' එක්ක වෙන දේවල් කතා කරන්න පටන් ගත්තා.

රාත්‍රී ආහාරය තරමක් සරල වුණත් කිසිකෙනෙක් ඒකට අවධානය යොමු කළේ නැහැ. ආහාර ගන්න අතරතුරේදි, ඔවුන් දොර තියෙන්න පුළුවන් තැන් ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා.

"මම හිතන්නේ අපි වඩුවගේ ගේ වටෙත් හොයන්න ඕනෙ."ෂියොං චි කිව්වා. "ඒ මනුස්සයා සාමාන්‍ය ගැමියෙක් කියලා පේන්නේ නෑ."

"ඔව්." දැන් ගොඩක්ම කරදර වුණ කාරණය විසඳිලා තියන නිසා, ෂියාඕ ක' තරමක් හොඳින් ඉන්න බවක් පෙනුණේ. ඇය ක්‍රියාකාරී විදියට දොර තියෙන්න පුළුවන් තැන් යෝජනා කළා.

හැමෝම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන අතරතුරේදි චං ව'න් නිහඬවම පැත්තක ඉඳගෙන හිටියා. ඔහු අවදි වුණ මොහොත එක්ක සසඳද්දි, දැන් ඔහුගේ තත්වය ඒ තරම් අප්‍රාණික නොවුණත්, ඔහු තවමත් කලින් වගේම නොසතුටින් හිටියේ. තමන්ව සිහිසුන් කිරීම ගැන ඔහු ලින් ජියුෂ' ට දොස් කිව්වේ නැහැ; එහෙමත් නැත්තම්, ඔහු අවදි වුණ වෙලාවේ ඉඳන් ලින් ජියුෂ' ට එක වචනයක්වත් කිව්වේ නෑ කියන එක ගොඩක් නිවැරදියි.

හැමෝම එකම දේ සාකච්ඡා කරනවා දැකපු චං ව'න් හෙමීට කට ඇරලා කෙඳිරි ගෑවා "ලින් ජියුෂ'".

ලින් ජියුෂ' ඔහු දිහා බැලුවේ පරිස්සමින්. "මොකක්ද ප්‍රශ්නය?"

"වන්ග් ෂියාඕයි රාක්ෂයෙක්ද?" චං ව'න් පුදුමෙන් වගේ ඇහුවේ.

ලින් ජියුෂ' ඔලුව වැණුවේ තමන් නොදන්න බව අඟවන ගමන්. ඒත් මේක සැලකුවාම, චං ව'න් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරපු එක ඔහුගේ දැන් තත්වය ගොඩක් බරපතල බව පෙන්නන පැහැදිලි ලකුණක් වුණා.

චං ව'න් තවත් මෙහෙම කිව්වා, "එයා රාක්ෂයෙක් වෙන්නැති. අපි හැමෝම ඒක දැක්කනෙ." තමන්ගේ ඔලුව තරමක් පැත්තකට හරවපු ඔහු ඇහුවේ කනස්සල්ලෙන් වගේ, "ඔයාලා හැමෝම ඒක දැක්කානේ නේද? එයාගෙ හෙවනැල්ලයි, එයා කැහැලා එළියට දැම්මේ මොනවද කියලයි..."

đŸšĒ āļ¸āˇāļģāļš āļļāˇ„āˇ”āļģāˇ–āļ´āˇšāļšāˇŠāˇ‚āļē đŸšĒOpowieści tętniące Åŧyciem. Odkryj je teraz