16) කණ්ඩායම

9 3 0
                                    

මෝටර් රථය සුපුරුදු ප්‍රදේශයෙන් ඈත් වෙලා ඉස්සරහට ධාවනය වුණා.

ලින් ජියුෂ' යි, චෙං චියැන්ලි යි පිටිපස්සේ ආසනයේ වාඩිවෙලා හිටියේ. දෙන්නා වැඩිය කතා කළේ නැති නිසා මෝටර් රථය ඇතුලේ තිබුණේ හරිම සන්සුන් වාතාවරණයක්. මෝටර් රථය අධිවේගී මාර්ගයට සම්බන්ධ වුණාට පස්සේ, අවසානෙදි ලින් ජියුෂ' පුදුම වෙලා මහ හඬින් කෑ ගැහුවා, "ඔයාලා මාව අරගෙන යන්නේ කොහේටද?".

"ආ...මෙන්න, මම හිතුවේ ඔයා ඒක අහන එකක් නෑ කියලා," චෙං චියැන්ලි කිව්වා.

ලින් ජියුෂ': "හොඳයි, මම දැන් ඇහුවනේ, ඔයා මට කියනවද?"

චෙං චියැන්ලි: "නෑ, මම කියන්නේ නෑ."

ලින් ජියුෂ': "..." ඔයා නම් පුදුම කෙනෙක් තමයි.

පැය බාගයකට පස්සේ, මෝටර් රථය නගරාසන්න හුදෙකලා ප්‍රදේශයක සුඛෝපභෝගී නිවසක් ළඟ නැවැත්තුවා.

වාහනයෙන් බිමට පැනපු ලින් ජියුෂ' තමන්ගේ ඇස් ඉස්සරහ තියන ගොඩනැගිල්ල පරීක්ෂා කළා. ඒ සුඛෝපභෝගී නිවස සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා තිබුණේ; අවට ප්‍රදේශයත් හිස්, මිනිස් වාසයක් ගැන එක සලකුණක්වත් තිබුණේ නැහැ. මේ දැවැන්ත පාළු කාන්තාරය මැද්දේ මේ ගොඩනැගිල්ල විතරක් තනිවෙලා තිබුණා.

නිවස සරු ගස් වලින් වටවෙලා තිබුණේ. දොරෙන් එලියේ හිටගෙන ඉන්න කෙනෙක්ට නම් කෘමි සත්තුන්ගේ ඝෝෂාකාර හඬත් ඇහෙනවා.

රුඅන් නන්චු මෝටර් රථය ක්‍රියා විරහිත කළාට පස්සේ තුන්දෙනාම නිවසට යන මාර්ගය දිගේ ගියා. ජියුෂ' තමන්ගේ ජංගම දුරකථනය අරගෙන වෙලාව බැලුවා; ඒ ගොඩක් උදේ පාන්දර බව ඔහු දැක්කා. මෙතන හොඳට දුරකථන සංඥා ලැබෙන්න තරම් දුර වැඩි වුණ නිසා ඔහුගේ ජංගම දුරකථන සංඥා දුර්වල වෙලා එක කණුවක් විතරයි තිබුණේ.

රුඅන් නන්චු ඉස්සරහින්ම ඇවිදගෙන ගිහින් ඉක්මනටම නිවසේ දොර ළඟට ආවා. අත උස්සලා දොර තල්ලු කරපු ඔහු ඇතුළට ගියා. ඔහුගේ පිටිපස්සෙන් ගිහින් දොරකඩින් ඇතුළු වුණ ලින් ජියුෂ' ගේ ඇස් නිවසේ එළියෙන් අන්ධ වෙලා ගියා. පළවෙනි මහලේ විසිත්ත කාමරයේ තුන්දෙනෙක් වාඩිවෙලා හිටියා; ඔවුන් සාකච්ඡාවක් මැද ඉන්න බවක් පේන්න තිබුණේ. තුන්දෙනෙක් හිටපු ඒ කණ්ඩායම සමන්විත වුණේ පිරිමි දෙන්නෙක්ගෙනුයි එක කාන්තාවකගෙනුයි. ලින් ජියුෂ' ආව මොහොතේම කතාව නවත්තපු ඒ හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුනේ ඔහු වෙතට.

🚪 මාරක බහුරූපේක්ෂය 🚪Where stories live. Discover now