19) හැඳින්වීම්

11 2 0
                                    

"මට බොරු කරන්න පුළුවන් කියලා තමුන් හිතන්න එපා! තමුන් මොකක්ද කියන්නේ, 'දොරවල් ඇතුලේ ලෝකය'?! මේක මේ තමුන්ලා කරන විකාර වැඩසටහනක රූගත කිරීම් කෑල්ලක්ද, එහෙම නැත්තම් මගේ සල්ලි හොරාකරන්න තමුන්ලා ලෑස්ති වෙනවද?! " කේන්තියෙන් හිටපු මනුස්සයා මැදිවියේ කෙනෙක්, වයස අවුරුදු හතලිහක් පනහක් වගේ. ඔහු උසස් විදියට ඇඳ පැළඳගෙන හිටියේ, ඔහුගේ මැණික් කටුවේ කැපිලා පේන පාටෙක් ෆිලිප් වර්ගයේ සුඛෝපභෝගී ඔරලෝසුවක් බැඳලා තිබුණා. පෙනුමෙන් විතරක් ගත්තම ඕනිම කෙනෙක්ට කියන්න පුලුවන් මේ මනුස්සයා සැලකිය යුතු තරමක ධනවතෙක් කියලා. ඒත් සමහරවිට මේ මනුස්සයා උපතින්ම ධනවතෙක් වුණ නිසා, කාටවත් හිතාගන්න බැරි විදියේ ලෝකයක් ගැන මොහොතකට පිළිගන්න බැරි වුණා වෙන්නත් පුළුවන්.

"මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ! මම මේ දැන්ම මෙතැනින් යනවා!" ඒ මනුස්සයා හයියෙන් කෑ ගැහුවා "ඒ වගේම මාව නවත්වන්න හිතන්නවත් එපා!"

මේ සම්පූර්ණ දර්ශනයෙන් බය වුණ බවක් පෙණුන, සිහින් දුර්වල ගැහැණු ළමයෙක් ඒ මනුස්සයට පිටිපස්සෙන් ඉඳගෙන හොඳටම අඬන්න ගත්තා. කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්න පුද්ගලයින් සම්බන්ධයෙන් ගත්තොත්, සමහරු හිස් බැල්මකින්, කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව බලාගෙන හිටියා, අනෙක් අය සම්පූර්ණයෙන්ම උදාසීන විදියට එතනම රැඳිලා හිටියා. එක තරුණයෙක් උපහාසාත්මක විදියට තොල් රවුම් කරලා පිළිකුල් සහගත විදියට හිනාවුණා, "තමුන්ට යන්න ඕනි නම් යනවා. හරියට මෙතන ඉන්න කවුරුහරි තමුන්ව නවත්තන්න හදනවා වගේනෙ."

මැදිවියේ මනුස්සයා තරහින් පුපුරන ගමන් ඇත්තටම හැරිලා ගොඩනැගිල්ලෙන් එළියට ගියා.

මේ හුදකලා ගොඩනැඟිල්ල ඇරුණාම අනෙක් ගොඩනැඟිලි හැම එකක්ම අඳුරෙන් වැහිලා ගිහින් තිබුණේ. ඒක ඝන, අඳුරු මීදුමකින් මුළු ලෝකයම වැහිලා ගිහින් වගේ. මැදිවියේ මනුස්සයගේ ධෛර්යය ත් තරමක් විශාල එකක් වුණා. පුදුමය නම්, ඔහු අඳුරු මීදුමට බය වෙලා ආපහු ආවෙ නැති එක. මේ මනුස්සයගේ ධෛර්‍යය ගැන පසුතැවිල්ලෙන් සුසුමක් පිටකරන්න ලින් ජියුෂ' ට ඕනි වුනත්, අවසානෙදි මිනිත්තුවක් යන්නත් කලින් මේ මැදිවියේ මනුස්සයගේ දුක්මුසු කෑ ගැහිල්ලක් අඳුරු මීදුම ඇතුලෙන් දෝංකාර දුන්නා.

🚪 මාරක බහුරූපේක්ෂය 🚪Where stories live. Discover now