21 - 3) මව සහ දරුවෝ

9 2 0
                                    

රුඅන් නන්චු ගේ වචන ඇහුවට පස්සේ ලින් ජියුෂ'ගේ මූණේ ප්‍රහේලිකාවක් ඇඳුනා.

රුඅන් නන්චු රහසින් මෙහෙම කිව්වා, "එයාගේ සපත්තු දිහා බලන්න"

ලින් ජියුෂ' තමන්ගේ ඔලුව පාත් කරලා දැරියගේ මවගේ සපත්තු අධ්‍යයනය කළා, ඇයගේ සපත්තුවේ යටිපතුල්වල පැල්ලමක් තියෙන බවක් පෙණුනා. පාට අනුව විනිශ්චය කළොත්, ඇයගේ සපත්තුවේ අඩිය තෙත් වෙලා තිබුණේ ලේ වලින් ඇරෙන්න වෙන දෙයකින් වෙන්න විදියක් නැහැ.

මේක තහවුරු කරගත්තට පස්සේ, ලින් ජියුෂ'ගේ මූණෙ ඉරියව් ටිකක් වෙනස් වුනා.

අනික් අය මේ විශේෂ විස්තරය දැනගෙන හිටියෙ නැති නිසා ඔවුන් හැමෝම තමන්ගේ අසරණ දියණිය අහිමි වුණ නිසා අඬාගෙන වැටෙන මව දිහා බැලුවෙ අනුකම්පාවෙන්.

තං යාඕ යාඕ, මව සනසන්න වචන කීපයක් කියන්න ඉදිරිපත් වුණා, කොහේදෝ හිටිය මව වියරුවෙන් වගේ ඇගේ අත අල්ලාගත්තා. "ඒ උඹලා! ඒ උඹලා වෙන්න ඕනි! මෙහේ ඉන්න එකම පිටස්‍තරයො උඹලා. මගේ අසරණීව මැරුවේ උඹලා වෙන්න ඕනි!!" ඇයගේ ග්‍රහණයේ ශක්තිය බය උපදවන සුළු එකක් වුණා. විශාල ශක්තියක් තිබුණ මේ අතට කෙලින්ම අහුවුණ නිසා තං යාඕ යාඕ වේදනාවෙන් කෑ ගැහුවා. අනෙකාගේ වියරු ග්‍රහණයෙන් මිදෙන්න ඇය තමන්ගේ සියළුම ශක්තිය එකතු කරලා මුරණ්ඩු විදියට තමන්ගේ අත පිටිපස්සට අදින්න උත්සාහ කලා, තමන්ගේ සොච්චම් ශක්තියට අනෙකාගේ ශක්තිය එක්ක තරඟ කරන්න බැරි බව ඇයට ඉක්මනටම තේරුනා.

"අපිට ඒකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඔයා මට රිද්දනවා! යන්න දෙන්න - ආහ්!" තං යාඕ යාඕ වේදනාවෙන් කෑ ගැහුවා.

අනෙක් අය අවසානෙදි උදව් කරන්න ඉදිරිපත් වුනා. ජං ෂිංහුඕ තමන්ගේ මුළු ශක්තියම භාවිතා කරලා දැරියගේ මව තල්ලු කරලා තං යාඕ යාඕ ව අනෙකාගෙ ග්‍රහණයෙන් නිදහස් කලා.

"ඔයා හොඳින්ද?" ජං ෂිංහුඕ ඇහුවේ කනස්සල්ලෙන්.

"මම හොඳින්." තං යාඕ යාඕ ගෙ ඇස් බයෙන් පිරිලා තිබුණේ. කමිස අත උඩට ඉස්සුවට පස්සේ මවගේ ඇඟිලි පහේ සලකුණු තද දම් පාටට ඇගේ අතේ සටහන් වෙලා තියන විදිය දකින්න පුළුවන් වුණා. "එයාට ලොකු ශක්තියක් තියනවා ..."

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Oct 06 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

🚪 මාරක බහුරූපේක්ෂය 🚪Tahanan ng mga kuwento. Tumuklas ngayon