දවස් තුනක කාලය ඔවුන්ව අපහසුතාවයට පත් කරලා තිබුන නිසා කණ්ඩායමේ මානසික තත්වයන් නරක අතට හැරෙන ගමන් තිබුණේ. පහුවදා දවල් වෙද්දි, කණ්ඩායමේ සාමාජිකයෝ අතරේ තවත් ගැටුමක් ඇති වුණා. පුදුමයට කාරණාව නම්, කිසිම රසයක් නැති ආහාර වේලක් නිසා උණුසුම් ආරවුලකට පැටලුණේ ෂියොං චි යි ෂියාඕ ක' යි වුණ එක. ෂියොං චි කේන්තියෙන් පිඟාන කෙලින්ම එළියට විසි කළා; දැඩි කෝපයෙන් හිටපු ෂියාඕ ක' දොර සද්දෙට වහලා ඉක්මන් අඩි වලින් එතැනින් ගියා.
නුරුස්නාගති වගේම එදිරිවාදිකම් අවකාශය පුරාම පැතිරිලා ගිහින්. කාලයක් වඩාත්ම විශ්වාසවන්ත විදියට සලකපු කණ්ඩායම් සගයෝ දැන් සැකයට භාජනය වෙලා. තනි වචනයක්, පොඩි ක්‍රියාවක් වගේම ඉක්මන් බැල්මක් වුණත් හදිසියේම කලබලයක් ඇති කරන්න හේතු වුණා.
අනෙක් අය හැමෝම තමන්ගේ සීමාවන් මුදාහැරලා තියන බව ලින් ජියුෂ'ට දැනුණ පළවෙනි වතාව මේක, ඔවුන්ගේ සිදුවෙන්න ආසන්න මරණවල අධික පීඩනය වගේම ඒවා මැඩපවත්වපු හානිකර පීඩනෝන්මාදය අවසාන තූරුම්පුව බවට පත් වුණා.
රුඅන් බයිජිඒ දැනටමත් ඒවගේ තත්වයක් ගැන පුරෝකථනය කරලා තිබුණ බවක් පෙණුනේ, ඒ නිසා ඇය අඩුම තරමින් පුදුම වුණේවත් නැහැ. ඇය නොසැලකිලිමත් විදියට තමන්ට වාඩි වෙන්න තැනක් හොයාගෙන විසිත්ත කාමරයේ ඉන්න මිනිස්සු එන්න එන්නම නොසන්සුන් වගේම කලබල වෙන හැටි බලාගෙන හිටියා. එකසැරේටම, ඇය දෙතොල් විවෘත කරලා කෝමල විදියට මෙහෙම මතක් කිරීමක් කළා "තවමත් මළමිනී තියෙන තැනක් තියෙනවා කියලා ඔයාලට දැනටමත් අමතක වෙලාද?" .
මේ එක වාක්‍යය වියලි වායුගෝලය එකසැරේටම තෙත් කරලා වාතයේ මතුපිටින් දවන පීඩනය පිරිසිදු කරන, ශුෂ්ක පොළවකට වැටෙන මුල්ම වැහි බිංදු වගේ වුණා . ෂියොං චි මෙහෙම ඇහුවා, "කොහේද?"
ලින් ජියුෂ' අනුමාන කළා, "කනත්තක්ද? හැබැයි මමත් කලින් එකක් හොයන්න ගියා. මම දන්නේ නෑ මේ ගමේ සොහොන් කොහේද තියෙන්නේ කියලා, මට ඒවා හොයාගන්න හම්බුණේ නෑ."
"ඇත්තටම ඒක කනත්තක් නෙවෙයි" රුඅන් බයිජිඒ පැවසුවා. "මේ ලෝකයේ, මැරුණ අය වළලන තැන අපි හිතන තරම් සරල තැනක් නෙවෙයි."
YOU ARE READING
🚪 මාරක බහුරූපේක්ෂය 🚪
Horror... නොයෙක් මානයන්ගෙන් මරණය කැඳවූ වගයි... ........................................................................................................ කතෘ : Xī Zǐxù (西子绪) පරිච්ඡේද ගණන: 139 + 10 extras ඉංග්‍රීසි පරිවර්තක : Taida Translations (Chapters 1...