"සහී! ලේ- සහී.. මැණික.. ලේ එනවා.."
එයාගේ කටහඬ ඒ වචන එක්ක කොයි තරම් වෙවුලනවා ද කිව්වොත් මට ඒ වචන ටික තේරුණෙත් එයා මං ළඟ ම හිටපු නිසා.. නැත්නම් ඒ ඔක්කොම එයා එක දිගට හුස්ම ඇද ඇද කියවගෙන ගියේ.. චේත්ය අයියත් එයාව පිටිපස්සට අදින්න හැදුවත් ඒ කිසි දෙයක් ඉලක්ය අයියා නෙවෙයි ගනන් ගත්තේ..
හරි ම කලබලෙන් ඉලක්ය අයියාගේ ඔලුව එහෙ මෙහෙ හැරවුණේ හරි ම අසරණ වුණ මනුස්සයෙක් ගානට.. ඇයි මේ.. දැන් මේ තරම් වෙලා මට කොයි තරම් නම් දේවල් කියපු එකෙක් ද මේ මෙහෙම හැසිරෙන්නේ.. මුට මාව විහිලුවක් ද.. අනික මොකක් කියලා ද මට මෙයා මේ කතා කළේ.. හරි ඒක කමක් නෑ කියමුකෝ.. මෙයා හුස්ම ගන්නෙත් අමාරුවෙන්.. බයත් හිතෙනව දැන් නම් හුප්ත.. ඔක්කොම තරහවල් කැලේ මේවා දකිද්දි..
"ලේ එනවා.. අකිල්! බං සහීගේ ලේ-"
"අයියේ! ඒක හරි දැන්.."
"මැණික.. උදව් කරපන් අකි- ලේ.. සහී"
ඒත් මං කියන මොකුත් මෙයාට ඇහෙන් නැති ගානයි.. අකිල් අයියටත් කතා කරනවා.. මගේ ළාවට ලේ ගෑවුණ අත තද කරන් ඉන්න තරමට මට රිදුණත් මං අකිල් අයියාගේ මූණ බැලුවේ ඉලක්ය අයියා එන්න එන්න ම කන්ට්රෝල් නැතුව යනවා වගේ තේරුණ නිසා.. මූණ පුරා ම දාඩිය දාලා.. ඒ ඇස් හැම තැන ම දුවනවා.. බාගෙට බාගෙට හයියෙන් හුස්ම ගන්න ගමන් ඉලක්ය අයියා කැඩුණ රෙකෝඩරයක් වගේ එක ම වචන ටිකක් කියන්න ගද්දි අපි හැමෝට ම තේරුණා මෙතන ලොකු අවුලක් තියේ කියලා..
"නෙවන්.. ඉක්මන්ට ඩොක්ට කෙනෙක් හොයන් වරෙන්.. Hurry up!"
අකිල් අයියා ඒ ටික කියලා ඉවර කරන්නත් කලින් නෙවා රූම් එකෙන් එළියට දිව්වේ මං දිහත් එක පාරක් බලලා ඔලුව හොළවලා.. චේත්ය අයියා ඔලුවේ අත ගහගෙන බලන් ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතුව ද කොහෙ ද.. ඌ හොඳට ම බය වෙලා මං දිහා බලලා ආයේ ඉලක්ය අයියා පැත්ත බලලා ආයෙත් මං දිහා බැලුවේ එක පාරට ම අනිත් අතින් කට වහගන්න ගමන්..
ඒ මොකද...
පොර අඩි දෙක තුනක් ම පිටිපස්සට ගිහින් එයාට ම "ශිට්" කියලා කියාගත්තේ මං දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන ගමන්.. හරියට එක පාරට ම ඔලුවට මොකක් හරි රියලයිස් වුණා වගේ.. මොකද්ද මෙතන වෙන්නේ මේ..

YOU ARE READING
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL
No Ficciónඋඹ, බුර බුරා ගුගුරා යන ගිනි කන්දක්.. ඔහු, ශීත සිසිර ගිරි කුලක්.. මම, ඒ ගින්න නිවන සිසිලත් අහිමි ඒ හිම කුල දිය කරන උණුසුමත් අහිමි ඈත පායපු එක ම එක තරුවක්.... . . . . මේ, අමතක වූ මතකයක නිහඬ ආවර්ජනයක්....