"ඔය නෙතු හමුවන තුරැ පාර දිහා බලමින් හරි වෙහෙසයි දෑසට මා..."
ඇන්ග්‍රි බර්ඩ්ගෙන් මැසේජ් එකක්....මූ නම් ගිය ආත්මෙ කවියෙක්ද කොහෙද? හරි ඉතින් මන් Unblock කරා පව් නිසා...නැත්නම් මන් ඕකට ලව් නැ ගොටුකොළයා...
සීන් කරලා ඉදියා ඉතින් කොහොමත් ඒකනෙ මගෙ පුරැද්ද...පොර ආයෙත් Typing.
"සිනහා සෙන්න නොහැකී නම් මට හඩන්නට ඉඩදෙන්නකො ඔබගේ ළගම ඉන්නට!"
අඩ්ඩෙහ් මූ හිතනවා ඇති මන් ඕවට රැවටෙයි කියලා...එ වුනාට අද මන් හින්දා ගුටිකෑවනෙ පොර...බැ බැ මූ මට සිරා ලව් කරන්නෑ..එච්චරයි...
ෆෝන් එකත් ඕෆ් කරලා මන් බුදි....
අද සෙනසුරාදා...10 ට Chemistry Clz ..උදේ පාන්දර අයිනා කියන බූරැවා කියපි කැෆේ එකට එන්න කියලා ඒකට කතා කරන්න ඕනි කියලා...හත්තික්කෙ විහංඟයා ගැන දැනගෙනවත්ද දන්නැ අපෙ අයියා!!!! මන් ඉවරයි යකෝ!!!
8.45...කැෆේ එක ඉස්සර මන් ...දොර ඇරන් ඇතුලට..යද්දි අයියා ඉන්නවා කොෆී එකක් බිබී...
"ආ චූටි මහත්තයා...වාඩිගන්නවකො වාඩිගන්නවකො ඔහොම..."
මොකද මොකද මේකා මට ආදරයක් පෙන්න්න්නෙ කවදවත් නැතුව...විශාල කරදරයක් වුනානෙ මේක...එලෙස කෙලෙස? සියල්ල නිහඬයි...පරිසරයේ නිහැඬියාව බිඳිමින් යෙහස් නිර්වාන් පෙරට...
"මෙ මෙ ඉක්මනින් කියනවකො මට 10 ට ක්ලාස්..."
මන් කිව්වා...මොන බාල්දියක් වැටෙන්නද දන්නෑනෙ හැදෙන්නෙ...ඇයි යකෝ...
"නිකම් බන් කතා කරෙ...දැන් තමුසෙව අල්ලගන්නත් අමාරැනෙ"
"එහෙම තමයි මාත් තමුසෙ වගෙ ඩොකෙක් වෙන්නැපැයි...කාටද ආඩම්බරයක් ඉතින් තාත්තත් ඩොකා ළමයි දෙන්නත් ඩොකා...ඒක නෙමී අද වැඩ නැද්ද අයියෙ?"
"අම්මො අම්මො ඉතින් තමුසෙගෙ කච කචේනම් ඉවරයක් නෑ චූටි! නැ බන් අද නිවාඩුවක් දැම්මා"
YOU ARE READING
පෙම්වන්තයෝ || TK NONFICTION
Non-Fiction"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස්...