තිස් හතරවන පරිච්ඡේදය

74 7 13
                                    

"යන්නකෝ ලොකූ"

"පොඩීව යවන්නකො අම්මා"

"ලොකූ..යනවද නැද්ද....පොඩි පොල් ගානවා පොල්ටොෆි හදන්න"

"මේ එකෙක් නැත්තන් තුන් දෙනාම හරි වරෙන්කෝ පාරට ගිහින් එන්න"

අපි පාරට ආවේ මාමලා එක්කන් යන්න..මේ මිනිස්සුන්ට මොකට කිව්වද මන්දා අප්පා.බනින්න ඕන ඔක්කොම මතක් කරකර බැන බැන තමා මොනා උනත් මම පාරට බැස්සේ

"මේ අයාන් අයියලාට කිව්වද"

"කිව්වා බන් ඔක්කොටෝම"

"මේ බොන ඒවා රෙඩීද"

"ටහු#....ලබ්බක්ද යකෝ කියන්නේ ඕවා ගෙනල්ලා තාත්තට අහු උනොත් උබ මාව උබලා ගෙදර තියා ගන්නවද ජිවිත කාලෙම"

චන්දුලයා දත් තිස්දෙකම පෙන්නන් හිනාවෙනවා.දෙන්න හිතයි මුගෙ දත් ඇන්ද බඩට යන්න සක්කිලියා...

"අහු උනොත් මාව මරන් කයි යකෝ"

"අපි බලු මස් කන් නෑ බන්"

"කිව්වා කියලා හිතා ගනින් සරා...මන් පොඩි වැඩක් සෙට් කලා ඒකවත් කරමු"

"මොකක්ද"

"අපි එලියට ගිහින් එමු ඒ වෙලාවට"

"එලියට තොට විකාරද"

"මන් වෙනුක අයියට කිව්වා දඩයා අයියත් එනවනේ"

"යකෝ තාත්තට අහු උනොත් කෑලිත් නෑ විදු හොදේ"

නිලා නම් හොදට බය වෙලා.මේක කොහොමත් ගෙදරම හැදිච්ච මලක්නේ හරි අමාරුයි සමාජෙට බස්සන්න...

"හොරෙන් යන්...අයාන් අයියට ලයිසන් තියන්වනේ"

"සයාශ් අයියා"

"එයා එන් නෑ"

"හ්ම්"

"අව්ලක් නෑ..ඔය හිටපුදෙන්.එයා ආවොත් මට පොවයි වෙන මොනාහරි"

ඒ එක්කම මේන් road එකෙන් හරවපු සුදු පාට කැබ් එකක් අපි ඉන්න පාරට දැම්මේ හෝන් එකක් ගහන්...අපි 4දෙනා මෙච්චර වෙලා බදු අරන් හිටපු පාරෙන් අයින් වෙලා ඉඩ දුන්නම ඒක ඇවිත් අපි ලගම නැවැත්තුවා.....

ඒකේ අස්සෙන් ඔලුව  දැම්මේ ආදරණීය මාමණ්ඩි..සැක්...ඒ අස්සෙ පිටිපස්ස ජනේලෙන් වැදිරියෙකුත් බෙල්ල එලියට දාන්.....මේකි මෙච්චර මොනාද මේ මූනේ උලන් තියෙන්නේ...මිනී මස් කාලා වගේ..

විදූ.....(ongoing)Where stories live. Discover now