නටලා නටලා වෙනුක අයියා dj එක ප්ලේ වෙන්න දාලා එයත් අපි එක්කලා නැටුවා.. වෙනුක අයියා එක වෙලාවකට මාව වඩාගෙන නටනවා තව වෙලාවකට මන් ඌව වඩන් නටනවා අපි දෙන්න තනිකර පිස්සො දෙන්නෙක් වගේ නැටුවේ.නටලා නටලා අන්තිමේ පැය බාගයක් වගේ dj එක නිකන් ප්ලේ වෙද්දි අපි බිම දපනේ දාලා බුදියන් හිටියා...ඒ තරන් මහන්සි
"චූටි බේබි.......මේ බීම..."
"නැනී අම්මේ.... ආ දෙන්න...."
අයාන් අයියා ඉක්මන්ට නැගිටලා ගිහින් බීම ට්‍රේ එක අරන් අපි සේරටම ඇල්ලුවා
මන් ඉතින් අත් දෙකින්ම වීදුරුව අරන් පරිස්සමට ලග තියා ගත්තා...
සයාශ් අයියත් ඉන්නවා ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම ඇදිලා....රෙහානයානම් ආගි අතක් නෑ...මෙකව සුදු වෑන් එකකින්වත් ඉස්සුවාද දන් නෑ...හැබැයි ඒකත් හොදයි ආව මෙතන මගේ දේපල වලට අයිතිවාසිකම් කියන්න...පක්කුටු රජා...නෑ වස් දන්ඩා....ඕක වස් දන්ඩා නෙමේ වල් දන්ඩා
මම හති ඇර ඇර බලු කුක්කෙක් වගේ අත් දෙකෙන්ම බීම වීදුරුවත් බාදාගෙන බොද්දි සයාශ් අයියා ඇවිත් එයාගෙ බීම වීදුරුවත් මන් ලග තියලා ගියා.
"ආ....මේකත් බොන්න"
ටසිරි....ශැප ශැප....දැන් ඉතින් මෙයාලට මන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ...මගෙ පෙරේත කම ගැන සෙට් එකම දන්නවා...ඒම තමා ඉන්නෝන...කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන....
මන් ඉතින් වීදුරු දෙකම ඇරලා දාලා ආය දපනේ දාලා බිම දිගා වෙලා හිටියා
"සුද්දෝ......මෙහෙ වරෙන් බඩ්ඩක් පෙන්නන්න"
වෙනුක අයියා එලියෙ ඉදන් බෙරිහන් දෙනවා...මෙක මොනා දැකලද ඒ පාර මාව මතක් වෙලා තියෙන්නේ....මන් නැගිටලා පටගාලා දුවන්න හදද්දී මන් බීපු බීම වීදුරුවම පෑගිලා එතනම පත බෑවුනා...
"අම්ම......මා......"
මට අම්මා මුත්තා මතක් උනේ එවලේ...මගෙ කකුලට වීදුරුව පෑගිච්ච පාර ඒක පොඩි පට්ටම් වෙලා...මගෙ කකුල වීදුරුව අස්සේ...ලේ එකයි....මන් දන් නෑ මොනා උනාද කියලා කකුල නෑ වගේ
සයාශ් අයියා දුවගෙන ඇවිත් ඉක්මන්ට මාව එහාට කරලා කකුලෙ ඇනිලා තිබ්බ වීදුරු කට්ට සේප් එකේ අහක් කලේ විලුබෙන් හයියෙන් තද කරලා අල්ලන්
YOU ARE READING
විදූ.....(ongoing)
Romanceකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...