විසිඅටවන පරිච්ඡේදය

79 10 19
                                    

"කව්ද දැන් උබට එහෙම කිව්වේ?"

"මට තේරෙන් නෑ බන්...මන් මේවා සයාශ් අයියට කිව්වොත් එයා මට ආය කතා කරන එකක්වත් නෑ"

"කව්ද දැන් ඒම කියන්නේ බන්...උඹම හිතා ගත්තු මනස්ගාත නේද ඕවා"

"මට තේරෙන් නෑ චන්දුල...මං මේවට මොනා කරන්නද කියලා"
.....
.....
.....
"අපි තව ටිකක් ඉවසලා කලෙට ඉඩ දීලා බලා ඉමු විදූ..අපි දන් නෑනේ සයාශ් අයියගෙ හිතේ මොනා තියනවද කියලා බන්.ඒ නිසා අපි හදිසි නොවී ඉන්න එක හොදයි කියලා මට හිතෙනවා"

චන්දුල අද හරි සීරියස් කතා කරන්නේ.

"උබට මන් ඉන්නවා...උබ මට ඕන දෙයක් කියපන්..අපි ටිකක් ඉවසමු"

"ම්ම්..."

දුක හිතෙන හෝරා කීපයකට පස්සේ මම මූන පිහිදන් ආය ඔලුව කෙලින් කර ගත්තා.

"හරි දැන් දෙයියන්ගෙ නාමෙට ඔය කැත මූන සෝදගනින් අර ටැප් එකෙන්..."

ලග තිබ්බ ටැප් එක පෙන්නලා කියද්දි මම ගිහින් එහෙම්ම ටැප් එක ඇරලා මූනට වතුර දා ගත්තා.

"යමන්"

මූ මාව එහෙම්ම ක්ලාස් එකට එක්කන් ගියත් මගේ හිතේ කැකෑරෙන දුක සයාශ් අයියා අහක බලන් යන වාරයක් වාරයක් ගානේ වැඩි උනා.

"නැගිටපිය වුත්තෝ....අදත් තෝ යන් නැද්ද"

"මට බෑ බන්"

"තෝ නැගිටිනවද නැද්ද?...දැන් දවස් 3ක් තෝ ලෙඩ නිවාඩු...practice ගිහිනුත් නෑ.කෝච් බනිනවා කියලා මෙනුවත් කෑ ගැහුවා..නිලන් ගෙනෙන් වතුර එකක්..."

"මට බෑ බන්"

"මං අම්මට කියනවා තොපේ...නැගිටපිය"

චන්දුලයගෙ වදේටම දවස් 3කට පස්සේ ස්කෝලේ යන්නම උනා.එතකන් හිටියෙ ලෙඩ නිවාඩු.

"කාපිය මේ බත් එක"

"මට බැහැ බන්"

"උබ මගෙන් අහ ගන්න එපා විදුවෝ...උබ නොකා නොබී මැරිය"

මේක කෑ ගහන විදිහට වටේ පිටේ යන එන කොල්ලොත් හැරි හැරී අපි දිහා බලන් යනවා.

මන් අමාරුවෙන් කටවල් දෙකක් කාලා පිගානෙත් සෝදලා එහෙම්ම එන්න හැදුවේ.ඒත් රෙහානයා අද කවදාවත් නැතුව කැන්ටිමේ...මූ මම එතනින් එනකන් බලා ඉදලා පල් එකට හිනාවකුත් දානවා මම බලන්.

විදූ.....(ongoing)Where stories live. Discover now