හතලිස් තුන්වෙනි පරිච්ඡේදය

104 10 13
                                    

මම පට ගාලා බෑග් එකත් අත ඇරලා එතන තිබ්බ ලොකු කාඩ්බෝඩ් බොක්ස් එකක් ඇතුලට රිංගුවේ කවුරුහරි මාව දකින්න කලින්
.
.
.
.
.
.
.
.

දොර ඇරගෙන ඇතුලට ආවේ වෙනුක අයියයි දඩයා අයියයි වෙද්දී හෙමීට ඔලුව දාපු මට ඩබලව හොදට පෙනුනා.මම ඒකෙන් එලියට එන්න හදද්දිම බොක්ස් එකත් පෙල්ලන් මම එලියේ.

"ටහිකෙන්න....ප## බන් කරන්නේ ඕකෙ අස්සේ"

දඩයා අයියා බය උන පාර වෙනුක අයියත් ගැස්සිලා මම දිහා බැලුවේ....මම ඉතින් ඩබලටම හිනාවක් පා කල්ලා යැව්වේ උන ලැජ්ජාව වහ ගන්න.

"මොකක්ද සුද්දෝ ඕකෙ අස්සේ කරන්නේ"

"පොඩි වැඩකට ආවේ අයියා"

"අව්ලක්ද කොල්ලෝ"

දඩයා අයියා මගෙ ලගට ඇවිත් අහද්දි මම කල්පනා කලේ මේක කියනවද නැද්ද කියලා.

"වෙනුක අයියේ"

"ආ කියපන් සුද්දෝ"

"මම ආවේ පොඩි හොර වැඩකට"

"මො...කක්...ද බන්"

දඩයා අයියා කට ඕ කරන් බලන් ඉන්නවා...

""මේ අර ටීම් එකේ ශාන් කියන එකා ඉන්නවා නේද"

"ඔව් ඉතින්"

"උගෙ 4න් එකේ මගෙයි සයාශ් අයියගෙයි ෆොටෝ වගයක් තියනවා"

"ඈ....සයාගෙයි උබෙයි"

"ම්ම්ම්...."

"ඒ කොහොමද"

"ඒක ලොකු කතාවක් ඌ මට එක එක ඒවා කියනවා....හෙන ලයින් එකක් දුන්නා ඉස්සල්ලා...මට ඕන ඕකගෙ ෆෝන් එක අරන් ඒ ටික ඩිලිට් කරන්න"

"උබට හොදටම ශුවර්ද ඒ ෆොටො උගේ ෆෝන් එකේ තිබ්බා කියලා"

"ඔව් ඌ මට පෙන්නුවා"

"උබට ඒ ෆෝන් එක මතකද"

"ඔව් ඇපලක්...රතු කීටැග් එකක් දාලා තිබ්බා"

"බෑග් එක කෝකද"

"මම හිතන්නේ අර පුටුව උඩ  තියන කලු බෑග් එක"

මම කියද්දිම දඩයා අයියා බෑග් එක අරන් සිපර්  සේරම ඇදලා බලද්දි ඒකේ තිබ්බේ කලු පාට කවරයක් දාලා තිබ්බා ඇපලක්

විදූ.....(ongoing)Where stories live. Discover now