මෙතුවක් කල් මේ අනාත නිවාසේ මගේ ගෙදර වෙච්චි කොට මේ පැය කීපය විතරයි මට දැන් මෙහෙ ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ.
එක පැත්තකින් ලොකුම ලොකු දුකක් වගේම මගේම ජිවිතයක් තනියම පටන් ගන්න නිසා හීනි සතුටකුත් නැතුවාම නොවේ.අද මට මැඩම් කිව්වා නුවර වලව්වේම නැවතිලා වැඩ කරන්න පුළුවන් කියලා. අද හවස තියෙන කෝච්චියේ නුවරට යනකොට රෑ හත්වත් වෙනවලු. මාව වලව්වට එක්ක යන්නත් එහෙන් එක්කෙනෙක් එවන්නම් කිව්වා.
" සුදායියේ සුදායියේ එන්නෝ මාත් එත්ත "
ඊයේ කොන්ඩේ කපපු චූටියා ඉක්මනින් උඩ තට්ටුවට ඇදන් ගිහිල්ල එක කාමරයකට තල්ලු කරත් හරි දැක්ක දෙයින් මන් පුදුම වුනා.
මගේ කාමරේ මල්ලිලා තුන් දෙනයි චුටියායි චූටිගේ යාලුවෙකුයි පුංචි චොකලට් කේක් එකකුයි බීම බෝතලේකුයි මේසෙයක් උඩ තියන් මන් එනකම් බලන් ඉන්නවා. මගේ චූටි මල්ලිලා ටික. අනේ එයාලට පුළු පුළුවන් විදිහට මට පාටියක් හරි ගස්සලා. කදුළු කැට එක දෙක පල්ලම් බහිද්දී මන් මන් චුටියෝ ඔක්කොම බදා ගත්තා.
" අයි අයියෝ ලොකු අයියෙක් නේද දැන්.. ඔහොම නම් බෑ හොදේ.. ආ ආ කේක් කපලා අපිටත් කවන්නෝ.... කේක් බඩගිනි....... "
අටේ පන්තියේ මල්ලි එහෙම කියද්දී චූටිගේ යාලුවා පිහියක් දුන්නා.
" අයියේ ඔයාට හොද ලස්සන අක්කියෙක් හම්බෙන්න ඕනී. "
" හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න හොදේ "
" බය නැති චන්ඩි කොල්ලෙක් වෙන්න අයියේ "
" මට පාලු.....යි සුදායියා ගියාම. ඉත්මනත එන්ත "
කේක් කවද්දී එක එක එව්වා පොඩි එවුන් කිව්වා.
" ඔයාලා හැමෝම හොදට පාඩම් වැඩ කරන්න. මැඩම් කියන දේ හොදට අහන්න. අයියා ඉක්මනින් ඔයාලව බලන්න එන්නම්කෝ "අපි චොකලට් කේක් එක කාලා බීමත් බිව්වා. ඇත්තටම මේ පොඩි උන් නිසා තනිකමක් පාළුවක් නොදැනෙන තරම්.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -