අත් වැරැද්ද 02 ( 18 කොටස )

323 26 6
                                    

දවල් උයාපු බත් වලින් ඩිංගක් ගත්ත මං චූටිම චූටි රයිස් එකක් හදලා ගත්තා චූටි චූටි චිකන් කෑලිත් දාලා . බිත්තර නම් දැම්මෙ නෑ පොඩි එකාට සනීප නැති හින්දා.

මං චූටි පිගානත් ඇරගෙන ගියේ මයෙ කාමරේට කොල්ලව නැගිට්ට වන්ඩ. පව් යසට නින්ද ගිහිල්ලා මගෙ කොට්ටෙකුත් බදා ගෙන පොඩි එකාට . අම්මා අප්පවත් නැති පුංචි එකා. පුංචි බණ්ඩා කොල්ලව ළගට ගත්ත හින්දා හොදයි..






" චූටි මහත්තයෝ....   පුතේ නෙහස් කෝ කෝ නැගිටින්න ම්. මාමි රයිස් හැදුවා මේ "




" ආ....  "


කොල්ලා ඇසුත් පොඩි කර කර නැගිටිද්දී මං පැත්තක තිබ්බ ලේන්සුවක් අරන් කොල්ලාගෙ නහය පිස්සා. තනිකරම හොටු බබෙක් චූටි එකා .



" මේ රසයි පැටියෝ. කෝ ආ කියන්නකෝ ම්. මේ ටික කෑවොත් මාමි චොකෝ බිස්කට් දෙනවා හොදේ '




" කෝ තොකෝ බිස්තත් "


මේ පොඩි කොල්ලා හරි ආසයි චොකොලට් බිස්කට් වලට..  අනේ ඉතින් මට ලොකූවයි චූටිවයි මතක් වෙනවා මේ පැටියා දකිද්දී.



" බබා......  නුරාආආආ ද "




" මං මෙහෙ රාහු "

කිව්වත් වගේ මගෙ සැමියා ඇවිල්ලා විජහට.  අද ඉතින් නිවාඩු දවස නෙ. කොහොමත් ගෙදර තමයි ඉන්න ඕනි මාත් එක්ක.




" අප්පා...  පොඩ්ඩෝ මොකෝ මේ. ශා දවල්ට රයිස් ද බබා "



" පිස්සුද රාහු .  ඕන් කොහිල කිරට හදලා හාල්මැස්සෝ බැදුමක් තියෙනවා. මේ චූටි එක් කෙනාට විතරයි සාමි හැදුවේ. සනීප නෑ හොදටම. පොඩි එකා රයිස් කන්න ආසයි නේ "


මෙච්චර වෙලා ඒ මූණේ තිබ්බ හිනාව පැනලා යද්දි මං ටිකක් උගුරත් පාදලා චූටි එකායෙ කට ළගට චිකන් කෑල්ලක් ළං කරා.




" මං ඊයේ එළවලු ගෙනාවනෙ බබා. කොහිල කොහෙන්ද අනික. අපෙ වලව්වට මන් කොහිල කෑල්ලක් වත් ගෙනාවේ නෑ නෙ "



" චූටි මැණිකේ කොහිල වැඩි පුර අරන් ඕන් මට උයන්න කියලා දුන්නා. කොස් ඇටත් දාලා හදලා තියෙන්නේ රාහු. චුරු චුරු ගාන් නැතුව කාහන් මෙතන. වළදේ එක කොහිල කෑල්ලක් හරි බලන්න තිබෙද්දෙන්කෝ ඉතිරි වෙලා. සතියක් යනකම් කොහිල මං හදන්නේ. කොහිලයි බතුයි දවස හතේම තියෙයි අප්පච්චියි පුතණ්ඩියයි කෑවේ නැත්තම්.

අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now