දහතුන්වැනි කොටහා

901 99 25
                                    

" බේබී හාමු "

" මොකෝ "

නුරාද පැත්තට හැරිලා හාන්සි වෙලා ඉන්න පොඩි බේබිට මන් කතා කරායින් පස්සේ මොකෝ කියාගෙනම එයා මගෙ පැත්තට හැරුනේ මට හිනාවක් යද්දි.
කොන්ඩේ මූණටම වැටිලා නිසා හොල්මනක්‌ වගේ.

" නින්ද යන්නැද්ද ආ "

" ම් මට පැදුරේ ටිකක් අමාරුයි වගේ නේ. "

" ටිකක් වෙලා යද්දි හරියයි "

මන් එහෙම කිව්වේ බේබිගේ ඔලුව හෙමින් සැරේ අත ගගා.

" මන් ආසයි ඒ සින්දුවට "

" මාත් ආසයි ඒකට "

මාත් ආසයි කියපු බේබී මන් බලන් ඉද්දැද්දීම මයෙ ළගට ඇවිල්ලා එයාගේ ඔලුව මයෙ අත උඩින් තියලා එයාගේ කකුලකුත් මයෙ ඇගට දැම්මත් හරි මාත් මයෙ අනිත් අතින් එයාව තව තවත් ළගට කර ගත්තා.

" නිලූෂ "

" ම් "

" ඔයාට කවුරුහරි හොද කෙනෙක් හම්බුනොත් ම් මේ මේ අ පි .... "

" මට දැනටමත් හම්බෙලා ඉවරයි "

" ම් මොක ක්ද "

" කවුරු හරි කෙනෙක් නෙවෙයි බේබි හාමු මට දෙන්නෙක්ම හම්බෙලා තියෙන්නේ.  ඉතින් ආයේ ඒ තැන කාටවත්ම ගන්නත් බෑ මන් ඒ දෙන්නව මයෙන් ගන්න දෙන්නෙත් නෑ. හැබැයි එයාලා මට කැමති නම් විතරයි බ්......

මට ඉතිරි ටික කියන්න දෙන්නෙත් නැතුව හොදවයින් දෙකක් මට රවපු බේබි මයෙ ඇගෙන් කකුලත් අරන් පුළුවන් තරම් නුරාද ළගට ගිහිල්ල එයා ඔලුව තියන් හිටපු කෝට්ටේ අරන් අපි දෙන්නා මැද්දේ තියෙලා පැටියව බදා ගත්තා.

මට ඉතින් මෙව්වට තමයි අනිත් පැත්තෙනුත් හිනා යන්නේ.  ගුරුවරයෙක් වුනාට මොකද මන් කියන කිසිම දෙයක් තේරුම් ගන්නවත් කුරුම්බැට්ටි ගෙඩියක් තරම් වත් මොළයක් නෑ. දැන් හිතනවා ඇති මන් වෙන එවුන් දෙන්නෙකුට කැමති කියලා.

" මයෙ වස්තුව මේ අප්පච්චිව කවදාවත් දාලා යන්න නම් එපා ර න් කද. මයෙ පපුව පැ ලෙ යි පුතේ. මන් මැරිලා යයි. අපි දෙන්නට අපි දෙන්නා විතරයි ම යි මේ ලෝකේ ඉන්නේ හො ද ද. ආයේ කි.....  පිස්සුද තමුසේට අතාරිනවා මා..  "

අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now