Chapter 4

1.8K 98 7
                                    


Recap :-   " තමුන්ට සයිකෝ අයියා. මාව මොකෙක් වගේද පේන්නේ. මම යනවා යන්න. ඔයාලා සේරටම පිස්සු."

මම එහෙම කියාගෙන ම උඩ තට්ටුවට ගියා. මට නිකන් ලැජ්ජයි වගේ. මේ මොකද මේ..........

_____________

මම එහෙම ම ඇදට වැටුණා. හෙට ආයෙ ස්කූල් යන්නත් එපෑ.... දැන්ම නිදිමතත් නැති එකේ යෝන් එකක්වත් ටිකක් ඔබන්න ඕනේ...

මම ඉතින් වැඩිය වට්ස්ඇප් පැත්තේ නෑ. මට ඉතින් අන්තඃපුරයක් යාළුවෝ හිටියට මම එහෙම වැඩිය මැසේජ් දාන්න කැමති නෑ.... මම ඉතින් ඉන්නෙම යූටියුබ් ටික්ටොක් ඉන්ස්ටග්‍රෑම් තමා....

" චූටි නිදියන් නැද්ද දැන් වෙලාවත් 10 යි. කෝ මම එන්න කලින් ලයිට් ඔෆ් කරලා නිදියන්න ලෑස්ති වෙන්න"

අම්මට සිරි 10 යකෝ වෙලාව. ෆෝන් එක ගත්තහම වෙලාව යනවා තේරෙන්නෙවත් නෑ. ඒකට පාඩම් කරන්න ගත්තහම........
ඔරලෝසුවේ කට්ටෙ එල්ලෙන්න හිතෙනවා මට නම් එතකොට ඇයි යකෝ වෙලාව යන්නෙම් නෑ .............

"මේ නිදියනවෝ අම්මේ.ගුට් නයිට් අම්මියෝ තාත්තියෝ."

" කෑ ගහන්න එපා ළමයෝ. ගුටි නයිට්."

අම්මටත් පිස්සු මේ කෑගහනවයෑ.  මගේ කාමරේ තිබ්බෙ අම්මගෙයි තාත්තගෙයි කාමරේට ඉස්සරහා. එතකොට අයියගෙ කාමරේ මට එහා පැත්තේ. ඇත්තට කෝ එයා.

"අයියාආආආආහ්."

"මොකද චූටිහ්"

බලාපල්ලකෝ මුගෙ රැස්

"ගුටි නයිට්. අනාදරෙයි මම ඔයාට ගොඩක්. මම ගැනම හීන දකින්න ඈ."

"පිස්සියෙක් ඔයා නම් චූටි. ගුටි නයිට් හා හා. කෑ ගහන්න එපා."

මහ හොදනෑ එකේ එයාලා. කතා කරන ළමයට කතා කරන්න දෙන්න නෑ. හ්ම්හ්

මම ඉතින් ඔහේ ඇදේ පෙරලි පෙරලි හිටියා මොකද මට ඇත්තටම ඇදට ආශ්‍රම පැයක් වත් යනකම් නින්ද යන් නෑ. ඔහේ විකාර හිත හිත ඉන්න වෙනවා....

එතකොට දැන් අමන්දි  අපේ අයියට සෙට් වෙයි නේද. මට මැවිලා පේනවා අමන්දි අපේ අයියට " අයියාආආආආආහ්." කියන විදිහ. තව " කුදු මහත්තයෝඕඕඕඕ "  කියන විදිහ.....
.
.
.
.
.

Our love ( Sinhala gl )Where stories live. Discover now