Recap:- විනාඩි 10 කට විතර පස්සේ නම් මහීෂා ආවා... ඇත්තමයි එයා නම් කොල්ලෙක් ම තමා...
හැමදාම අදින්නේ බෝයි කෙනෙක් වගේමයි. හැබැයි එහෙමත් ලස්සනයි...
ඒක පාරට ම මම ගාවට ආපු එයා මගේ මූණ ඉස්සරහින් එයාගේ අත අරන් ගියා...
"මොකෝ...තමුසේ වශි වෙලා නේ"
ඒත් එක්කම එයා කිව්ව එකත් එක්ක තමා මට තේරුණේ මෙච්චර වෙලා මම එයා දිහා බලන් ඉදලා කියලා...
"පි.... පිස්..සුද "
____________________
"ම්ම්.... ගොඩක් වෙලාද ඇවිල්ලා"
ඒත් එක්ක එයා ම්ම් ගානවා.. පිස්සු ද මන්දා...
"ටි.. ටිකක් වෙලා"
"ම්ම්..යමු ඇතුලට අරයලා එයි ටිකකින්"
"හා"
එහෙම කියලා අපි දෙන්නා ඇතුලට ගියා..
ළමයි නම් ටිකයි තාම. කොහොමත් ඉතින් එයාලා කලින් ආවට මෙතනට එන්නේ ක්ලාස් පටන් ගන්න යද්දි නේ.
ටික වෙලාවකට පස්සේ අපේ අනිත් සෙට් එකත් ආවා...
" හම්බෝ බන් එපා වුණා මට නම්"
හෝල් එකේ ඉදලා අපි එලියට බහිනකොට රවිඳු කිව්වා එහෙම. ඇත්තටම මටත් එපා වෙලා හිටියේ. ඉදන්ම ඉදලා..
"මේ අපි අයිස් කන්න යමු කෝ"
ඒත් එක්කම සනුද්‍රි කිව්වා.. ඒක නම් හොදා දාඩියයි ඉන්න බෑ..
"හා... හැමෝම කැමතිද"
මහීෂා එහෙම කියලා මගෙ දිහා බැලුවා ඒත් එක්කම මම ඔලුව වැනුවා හා කියන්න..
මේ දාඩියේ අයිස් කන්න බෑ කියන්න මට පිස්සු නෑ..
"එහෙනම් යමු"
එහෙම කියලා මහීෂා ඉස්සරහයින් ගියා...
පාරේ යද්දි ඉතින් සේරටම එකට යන්න බෑනේ... මමත් මහීෂා එක්ක ම ගියා...
"කෝ තමුසේ මේ පැත්තට එනවා"
ටිකක් දුර ගියාට පස්සේ මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු මහිෂා මම දිහා බලලා කතා කරා..
"ආහ්?"
"මේ පැත්තට එනවා"
මම හිටියේ පාර පැත්තට වෙන්න වෙද්දි එයා මට අනිත් පැත්තට එන්න කිව්වා..
YOU ARE READING
Our love ( Sinhala gl )
Non-Fictionඉතින් ඔයාලා විශ්වාස කරනවද අලුතෙන් ඉස්කූල් එකට ආව sweet , cute ගෑනු ළමයෙක් නිසා එයා වෙනස් වෙයි කියලා..... මේ එයාලගෙ ආදරය කතාව 💌Our love 💌 💝💞💘🎀🌷🌸💟 ...