Chapter 6

1.6K 106 24
                                    

Recap:- "මේ අම්මේ එක නෙමේ අපේ අයියා බලන්න ලේලි පොඩ්ඩක් වත් ආවද අනේ. හොදා හොදා එයා යනවා කියන්නේ මට පාඩුවේ ඉන්න පුළුවන්. හැබැයි ඔයාලා කරේ බලු වැඩක් ඈ. මට කියන්න ති____"

මම කියන කියව ම කිචන් එකට ගියා. අම්මා උයනවා ඇති. බඩත් ගිනී අප්පා. හැබැයි හොද කෑම සුවදුක් එනවා ස්පෙෂල් ද කොහෙද ......

අම්මගෙ ලේලි පොඩ්ඩ ඇවිත් නේ.

ඒත් කියව කියවා කිචන් එකට ගිය මම නැවතුනා.....

එයා.................

__________________

එයා කොහොමද මෙහෙ

"මොකෝ සද්දේ වැහැනද"

ඒ අස්සේ අම්මා කෑ ගහනවා...

" කොහොමද පුතේ."

මේ එයාගේ අම්මද. එහෙම වෙන්න ඇති. එයා ඇත්තටම ගොඩක් ලස්සනයි. දිග කොන්ඩයක් තිබ්බා වගේම එයා ගොඩක් පිලිවලට ඇවිත් තිබ්බෙත්.

" හොදයි ආන්ටි "

" අපිව මතක නෑනේද ඉතින් දැන්."

"ඈ"

යකෝ මම කොහොම මතක තියා ගන්නද අනේ එයාලව. දැක්කෙත් අදමයි.

" මෙයාට මතක නැතුව ඇති නීශු. එතකොට ගොඩක්. පොඩීනේ."

අපි කලින් හම්බෙලා තියනවද. මට නම් මතක නෑ. අනික මට කොහොමත් මතක තියෙන්න විදියකුත් නෑ. මොකද මට උදේට කෑවෙ මොනාද කියලත් මතක නෑනේ.....

" ඔව් නේද. දැන් නම් මේ ඉන්නේ කොලු පැටියෙක් වගේ."

නිශූ ආන්ටි එහෙම කියද්දී මම හිනා වුනා.

කොහොමත් මම කොලු පැටියෙක් වගේ තමා. නැතුව මේ එයාගේ හුරතල් දෝණිඇන්දා වගේ නෙමේ........ එහෙම කියන්න ඕනෙ වුණත් මම කරේ දත් සෙට් එකම දාලා හිනා වුණ එක. මට ලස්සන දත් ටිකක් තියනවනේ........

ඒත් එක්කම මම බැලුවා අමන්දා දිහා. යකඩෝ... මේ ඉන්නේ නිකන් හා පැටියෙක් වගේ. හෙන ම හෙන කිවුට් බේබි පින්ක් ගවුමක් ඇදලා ඉන්නවා නේද හා පැටික්කි වගේ. එයාගේ ලස්සන වේවි කොන්ඩොත් ඉස්සරහට දාගෙන හිටියම ඇත්තමයි මට ජීවිතේ පලවෙනි පාරට අමුතු හැගීමක් ආවා....

එයාට තියෙන්නේ ඉන් ගාවට එනකම් දිග ලස්සන කොන්ඩයක්. මගේ වගේ කොට කොන්ඩයක් නෙමේ. මට එයාගේ කොන්ඩෙ අල්ලන්න හිතුනා එයා වගේම එයාගේ කොණ්ඩෙත් ගොඩක් සිනිදුයි කියලා හිතුනා. ඇත්තමයි ඒක හරි අමුතු හැ____

Our love ( Sinhala gl )Where stories live. Discover now