Chapter 8

1.5K 96 7
                                    

  Recap:- දැන් මම මේ ඉන්නේ ටීවි බල බල අයිස් එකක් කන ගමන්. අද සිකුරාදානේ... ඒ කියන්නේ අද පාඩුවේ ඉන්න පුළුවන්.....

ඇත්තම කිව්වොත් මම මේ කන අයිස් එක අපේ අයියාගේ. මම මගේ පංගුව කාලා දැන් එයාගෙ එක කන්නේ මේ. අයියා එන් නෑලු මේ සතියේ ඒක නිසා මම කනවා මේක. නරක් වුණොත් කාට කියන්නද..........

" චූටී."

"ඕ"

"අර ළමයා අමන්දිත් හෙට ඉදන් ඔයා යන ක්ලාස් වලට එනවා."

" මොකක් "

____________________

Amandi pov

අද සෙනසුරාදා. මම මේ ඉන්නේ නුවණ එක ඉස්සරහ.  අපේ අම්මි කියලනේ මහීෂගේ අම්මට මම එයා යන ක්ලාස් වලට එනවා කියලා. අපි කලින් මෙහෙ හිටපු නැති නිසා මම අලුතෙන් අද ආයේ ක්ලාස් යනවා. දන්න කව්රුවක් නෑ. එකම කෙනා මහීෂා....

ඒත් එයා මාත් එක්ක හොදින් කතා කරන්නෙම නෑ. හැම වෙලේම තරහින් වගේමයි කතා කරන්නේ. මට විතරක්.........

කමක් නෑ එයා හරි ඉන්නවනේ.......
.
.
ආහ් ඔන්න ආවා. මම හිතුවේ එන් නෑ කියලා......

එයා ආවේ චෙනුදියි තව පිරිමි ළමයි දෙන්නෙකු යි එක්ක. එක්කෙනෙක් එයාගෙ කොල්ලා වෙන්න ඇති අනිත් කෙනා චෙනුද්‍රිගේ කොල්ලා වෙන්න ඇති.......

මාව දැක්කේ ගමන් චෙනුද්‍රි අත් වැනුවා. එයා නම් හෙන හොදයි. අර මහීෂා වගේ නෙමේ. අපි දෙන්නා කතා කරපු වචන දෙක තුනෙන්ම  මට තේරුණා එයා හෙන ඔලුවෙන් ඉන්නේ කියලා.....

"කවුද අනේ මේ."

මහීෂලත් එක්ක ආව පිරිමි ළමයෙක් ඇහුවම මහීෂා මම දිහා බලන් ඉදලා අහක බලා ගත්තා.

මම කිව්වේ පුදුම ලොකුකමක් තියෙන්නේ. නපුරිච්චී....

මම මහීෂා දිහා බලන් නැතුව ඒ පිරිමි ළමයා දිහා බලලා හිනා වුනා. චුට්ටක් හරිද........

" මේ අමන්දි අපේ ක්ලාස් එකට අලුතෙන් ආවේ."

චෙනුද්‍රි මාව එයාලට හදුන්වලා දුන්නා. එයා හරී හොදයි....

" ආආආ. මම ර__"

" යන් පරක්කු වෙයි."

ඉරිසියාකාරී. මට ඒ පිරිමි ළමයා නම කියන්න යද්දිම මහීෂා මැදින් පැන්නනේ...

Our love ( Sinhala gl )Where stories live. Discover now