සින්දුව කියලා ඉවර වෙනකම් ම එදා වගේම අදත් අපි දෙන්නා අපි දෙන්නා දිහා බලාගෙන හිටියා...
ඕ සිංදුව හරියට ම අපි දෙන්නටම ගැලපෙනවා..
හිත හොරකන් කරන්න පුළුවන් ඇස් දෙකක් අමන්දිට තියෙන්නේ..එයාගෙ එක බැල්මකට වුනත් මාව වශී වෙද්දි මට ඕනෙ වුනේ මගේ රහස එයාට කියලා එයා ගාව හැමදාම ඉන්න වගේම මගේ රහසින් සැනහෙන එයාව මගේ ගාවම තියා ගන්න..
ඉතින් ,
මගේ සතුටත් ඔයා නම්,
මගේ රහසිනුත් ඔයා සැනහෙනවා නම්,
ඔයාගේ ආලෙත් මම ඉක්මනට ම අයදිනවා මගේ අමූ.....__________________
ඉතින් සුපුරුදු විදිහටම දවස් ඉක්මනට ම ගෙවිලා ගියා වෙද්දි අද exam එකේ පලවෙනි දවස...
දවසකට එකක් වගේ තියන නිසා අව්ලක් නෑ ලොකුවට. ඉතින් අද තියෙන්නේ කොරියන්...
මම, අමන්දි, චෙනු, සනුද්‍රි අපි සේරම හිටියේ මේන් හෝල් එකේ. අපි හතර දෙනාගෙන් කවුරුවත් එක ළග නෑ. සේරම ඈත ඈත ඉන්නේ...
මේ විදියට පටන් ගත්ත exam එක දවස් හතරකින් ඉවර වුනා. ඉතින් සදුදා පටන් ගත්ත exam එක බ්‍රහස්පතින්දාගෙන් ඉවර වුනා. දවසක් ඇර දවසක් තිබ්බත් මම කරන ටික එක දිගට තිබ්බ නිසා මට exam එක කලින් ම ඉවර වුනා...
කොහොමත් හෙට අපි කාටවත් exam නැති නිසා අපි කැෆේ එකකට යන්න තමා කතා වුනේ....
" චූටි මෙන්න අර ලමයා ආවා"
උඩ මගේ රෑම් එකට වෙලා හිටපු මම අම්මගේ සද්දෙත් එක්ක පහලට ගියා. මොකද මම දන්නවා දැන් අම්මා කියන්නේ කා ගැනද කියලා....
අද ඉතින් සිකුරාදානේ. කතා කර ගත්ත විදිහට අපි යනවා කැෆේ එකට. අපි හතර දෙනා විතරයි ඉතින් යන්නේ අද...
මම පල්ලෙහට යද්දිත් අමන්දි ඉන්නවා සෝෆා එකට වෙලා ඉදගෙන. එයා අපේ ගෙදර ආවා එකටම යන්න...
ඒත් ඉතින් එපාම වෙන වැඩේ කියන්නේ අයියා ගෙදර...
ඒකට කැම්පස් නැද්ද මන්දා මොන එකකට ගෙදර එනවද. අද සෙනසුරාදාවත් ඉරිදාවත් නෙවේනෙ අප්පා....
" ආ..චූටි එන්න එන්න පහලට"
පඩිපෙලේ අන්තිම පඩියේ ඉදන් මෝඩ අයියා කෑ ගහන්න ගත්තා...
YOU ARE READING
Our love ( Sinhala gl )
Non-Fictionඉතින් ඔයාලා විශ්වාස කරනවද අලුතෙන් ඉස්කූල් එකට ආව sweet , cute ගෑනු ළමයෙක් නිසා එයා වෙනස් වෙයි කියලා..... මේ එයාලගෙ ආදරය කතාව 💌Our love 💌 💝💞💘🎀🌷🌸💟 ...