නුඹ නිසාවෙන් ㋡
02 කොටස
" අපේ ටීම් එක වර්ල්ඩ් කප් එකේ සුපර් එයිට් යන්නෙ නැතිව එලියට වැටුණේ ඇයිද කියලා මගෙන් අහන්නෙ ප්ලේ කරේ මම නෙවෙයි නේද... "
මීට දවස් දෙක තුනකට කලින් යූ ටියුබ් එකෙයි ෆේස්බුක් එකෙයි වයිරල් ගිය අතිගරු ක්‍රීඩා ඇමතියගෙ වොයිස් කට් එක ආයෙම වතාවක් කන්වල දෝංකාර දෙද්දි හේතුවක් නැතුව ඇඟේ ලේ ටික රත්කර ගත්ත මම ඩිෆෙන්ඩර් එකෙන් එලියට අඩිය තියන ඇමතියා දිහා බලාගෙන හිටියා. ගෝල්ඩ් පාට බෝඩරයක් තිබ්බ සුදු පාට සරමක්ද වේට්ටියක්ද කියන්න බැරි එකක් ඇඳගෙන හිටිය ඇමතියා දාගෙන හිටියෙ සුදු පාට ස්නීකර්ස් දෙකක්. ඒක නිකන් කොස්ඇටයි බටර් කේකුයි වගේ. හරියට අර හක්මන පෙරහැරේ සපත්තු දාගෙන කාවාඩි නටපු කොරවක්කා වගේමයි. අජූතයි හරිම කුජීතයි. එක්කො පුතාණෝ වගේ පොල් ගහ ලකුණ බාටා දෙකක් දාගෙන වරෙන්කෝ. හැබැයි ඉතින් ඇමතියා ඉන්නෙ මඩෙන් උඩට ඇවිත් පිපෙන මලේ හිච්චි කාලෙ පක්ෂෙනෙ. ඒ නිසා වෙන්නැති දාන්නෙ නැත්තෙ. එක්කො එකත් එපා. පුතාණෝ කරන්නෙත් අමු බොරුවනෙ. දන්න නිසා කියන්නෙ. පුතාණෝ එක පාරක් අපේ ඉස්කෝලෙට ආවා. කාර් එකේ එනකම් සපත්තු දාගෙන ඇවිල්ලා කාර් එකෙන් බහිනකොට තමා බාටා දෙක දාගත්තෙ. චන්දයක් නිසානෙ මේ සේරම කැටයම්...
ටැමිල් ෆිල්ම් එකක වීරයා වලියට එන්ටර් වෙනවා වගේ එක කකුලක් විතරක් මුලින් ඩිෆෙන්ඩර් එකෙන් එලියට තියපු ඇමතියාගෙ කඳ කොටස එලියට එනකම් මම කට ඇරගෙන බලාගෙන හිටියා. ගාණට වැක්ස් කරපු කොණ්ඩයක් එක්ක ගාණට ට්‍රිම් කරපු රැවුලක් තිබ්බ ඇමතියාගෙ මූණෙන් බාගයක් ගෝල්ඩ් කලර් ෆ්‍රේම් එකක් තිබුණු ශේඩ්ස් දෙකකින් වැහිලා තිබ්බා. රත්තරන් පාට කඹ ගොඩක් පටලවගෙන වගේ යන්තමට පැද්දෙන මාල දෙක තුනක්ම උඩ බට්න් එක ගලවලා තිබ්බ ඇමතියගෙ ශර්ට් එක අතරින් පේනකොට මම බලාගෙන හිටියෙ කෙලින්ම මයිකල් ආන්ජලෝ මියුසියම් එකෙන් ඉම්පෝට් කරා වගේ තියෙන ඇමතියගෙ බොඩිය දිහා. මරු කඳ යකෝ. වැව් මැද බංගලාවේ අනිත් පුත්තලම් බූරුවොන්ගෙ වගේ තඩි බඩක් ඇමතියට තිබ්බෙ නෑ. මම හිතන්නෙ මේකා හති දාන වලව්වක් බදු ගත්ත එකෙක්.
YOU ARE READING
නුඹ නිසාවෙන් | YZ/non-fiction
Fanfiction" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ...