31 🌼

1.3K 268 75
                                    

නුඹ නිසාවෙන් ㋡
31 කොටස




"ත්...තුහීන් "

මගේ තොල්වලින් ඈත් වෙලා ඇමතියා නළල උඩ තොල් තද කරනකොට මට මිමිණුනා. යෝහ්... ඇමතියාගෙ නමින් කතා කරන එක හෙන අමුතුයි වගේනෙ. මම එයාට තුහීන් කියලා කතා කරනකොට ඇමතියා හරි ලස්සනට මූණ පිරෙන්න හිනාවෙනකොට නම් මට ඇමතිගෙ කම්මුල් දෙක මිරිකලා මිරිකලා දාන්න හිතුනා. ඇයි දෙයියනේ... ඒ හිනාව පුදූම ලස්සනයිනෙ. මූ කෙල්ලොන්ගෙ චන්ද කඩා ගන්න දාන්නෙ මේ හිනාවද කොහෙද... එක්කො ලබන පාර ඇමතියට ඡන්දෙ ඉල්ලන්න එපා කියනවා.

"මෝඩ අලේ මගේ..."

අලේ... යකෝ මේ ගානට ඇඟ හදාගෙන ඉන්න මටද මූ අලේ කිව්වෙ. සෝෆාවෙ පිටිපස්සට වෙන්න වාඩි වෙලා මාව ඇමතියගෙ ඇඟ උඩට ඇදලා ගන්න ගමන් නහයට තට්ටුවක් දාන ගමන් ඇමතියා මට එයාගෙ මෝඩ අලේ කියනකොට මාව රතු වුණා. අද දවසට කියපු තුන්වෙනි නම... චූටි මැණිකෙ කිව්වා. ඊට පස්සේ බබා කිව්වා... දැන් මට මෝඩ අලේලු. තකතීරුවා කියපු එක නම් ඉතින් බලධාරියා විසින් කපා හැරියා. ඕවා මගේ නම්බුවට හොඳ නෑ. හැබැයි මට ඇති බම්බුවකුත් නෑ.

"ඔන්න දැන් නම් බීට් අලයක් වගේ..."

රතු වෙලා හිටිය මාව තවත් රතු කරලා ඇමතියා කියනකොට මම ඇමතියගෙ මූණට වැටිලා තිබුණු කොණ්ඩේ කෑල්ලක් හරි ගැස්සුවා. දාඩිය දාලා තිබ්බ නිසා යාන්තමට කොණ්ඩෙ මූණට ඇලිලා තිබුණාත් මම ඒ කොණ්ඩෙ ඉල්ලනකොට එයාගෙ කොණ්ඩෙ තිබුණ සිනිඳු ගතිය මගේ ඇඟිලිවලට හොඳට දැනුනා. මොකක්ද දන්නෙ නෑ ගාන ෂැම්පු එක... මගේ ඇඟිලි ඇමතියගෙ කොණ්ඩෙ අස්සෙන් යනකොට එයා මට ඕන දෙයක් කරගන්න දීලා ඇස් දෙක පියාගත්තා.


මීට පැයකට දෙකකට කලින් හිතේ තිබ්බ හැම බයක්ම නැති වෙලා ගිහින් තියෙනකොට මම හිටියෙ පුදුම තරමේ සැහැල්ලුවකින්. ඇමතියා සැර කරගෙන ආවත් කිස් එකක් දුන්නට පස්සෙ ඇමතියා පූස් පැටියෙක් වෙලා ඉන්නකොට මම ඇමතියගෙ ඇඟ උඩ ඉඳගෙනම අපි හිටිය ගේ පුරාවට ඇස් දෙක යැව්වා. පිට වගේම තනි සුදු පාටක් ගත්ත ඒ ගේ ඇතුලේ තිබ්බෙ පුදුම ලස්සනක්. ඕනවට වඩා කිසිම දෙයක් නොතිබ්බ ඒ ගේ ඩිසයින් කරපු මනුස්සයා නම් කරන්න පුළුවන් උපරිම ලස්සනට එක කරලා තිබුණා. සුදු පාට පසුබිමේ තද කොළ පාටයි රත්තරන් පාටයි එකතු වෙලා තිබ්බ ෆර්නිචර්ස් විතරක් නෙවෙයි බිත්තිවල තිබ්බ ඩෙකරේශනුත් මාරම ලස්සන වෙනකොට මෙතන තිබ්බ එකම අවුල අර පොළඟා විතරයි. එක බිත්තියකට අල්ලලා හදලා තිබ්බ ලොකු වීදුරු කූඩුවේ තිබ්බ අත්තකට වෙලා ඌ මගේ දිහා බලාගෙන හිටියේ උගේ වැයික්කියට ආව අලුත් එකා මොකෙක්ද කියන්න වගේ..මේ දවස් වල ෆේස්බුක් එකේ වෛරල් යනවා වගේ ඌටත් කටක් ඇවිත් ආ පැටියෝ කොහොමද කියලා අහයි කියලා මගේ ගොං මොලේට නිතරම හිතෙනකොට මම ඌව මගෑරලා වෙනාතක් බැලුවා.


නුඹ නිසාවෙන් | YZ/non-fiction Where stories live. Discover now