නුඹ නිසාවෙන් ㋡
30 කොටස"වාහනේට නගිනවා..."
වාහනේ ගාවට ආව ඇමතියා ගිගිරුවා. මටත් කලින් වාහනේට හේත්තුවක් දාගෙන දතක් හාර හාර හිටිය ඇමතියගෙ ඩ්රයිවර් මට කලින් දඩි බිඩි ගාලා වාහනේට නගින කොට ඇමතියා මගේ ගාවට අඩියක් ළං වුණා.
"කරුණාකරලා වාහනේට නැගපන් ශනූද්..."
ඇමතියගෙ මූණෙ තිබ්බ පෙනුමට බය හිතුන මම හිතන්නත් කලින් මගෙ කකුල් දෙක මාව ඇමතියගෙ වාහනේ අස්සට අරගෙන ගිහින් තියෙද්දී ඇමතියා වාහනේට නැගලා හදපු කම්පැනි එකට ඇහෙන තරම් සද්දෙන් දොර වහලා දැම්මා. ඇමතියා දොර වහපු පමාවට ඩ්රයිවර් වාහනේ ස්ටාර්ට් කර ගත්තා. පොලිසියෙන් එලියට ආව වාහනේ අපේ ගෙදරට යන පාර පැත්තට නෙවෙයි අනිත් පැත්තට හැරුණත් මම කටක් ඇරලා වචනයක් නොකියා හිටියෙ ඇමතියගෙ කේන්තියෙ හැටියට මගේ කන ගලවලා අතට දෙන්න බැරි කමක් නැති නිසා...
"මාව මෙහෙම පුච්චන එකේ සීමාවක් තියාගන්නවා ශනූද්... "
"ම්..මම.."
"කට වහගෙන හිටපන් බබා... උඹට කොච්චර කිව්වත් කරන්නෙම මේ වගේ තකතීරු වැඩ විතරයි..."
කට වහගෙන හිටිය ඇමතියා එකපාරටම මට බැනගෙන බැනගෙන ගියා. මට උත්තරයක් දෙන්න දුන්නෙත් නෑ. ඊට කලින් කට වහගෙන ඉන්නත් කිව්වා. ම්හුක්... මරන්න යන එකෙක්ට උනත් නිදහසට කරුණු කියන්න දෙනවා. ඇමතියා එහෙමත් නෑ. ඒ උනාට ඇමතියා මට බබා කිව්වා නේත... මම එයාගෙ බබාද දන්නෙ නෑ...
*******
සාමාන්යෙන් පාරේ යන්න ඕන ස්පීඩ් ලිමිට් එකටත් වඩා වැඩිය වේගෙකින් ඇමතියගෙ ඩ්රයිවර් වාහනේ අරගෙන ගියා. මේක ඩිෆෙන්ඩර් එකක්. ඇරත් ඇමතියගෙනෙ. නිකමටවත් පොලිසියෙන් අල්ලන්නේ නෑ කියලා දන්න නිසාද කොහෙද ඇමතිගෙ ඩ්රයිවර් හැටට හැටේ යනකොට මට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය ඇමතියා ඒකගෙ පෝන් එක කරකව කරකව හිටියෙ කේන්තිය පාලනය කරගන්න වගේ. ඇමතියා දිහා බලපු එක බැල්මටම තොල කට වේලිලා යනකොට මම තොල් දෙක යන්තම් දිවෙන් තෙත් කරගෙන කළු පාටට ටින්ට් කරලා තිබ්බ ග්ලාස් එකෙන් එලිය බලාගත්තෙ රතු වෙච්ච ඇස් කොන් එක්ක මගේ දිහා බලාගෙන ඉන්න ඇමතියගෙ රූපෙ වීදුරුවෙන් මට පෙනෙද්දී. ඒ බැල්ම.... අනේ මන්දා....
YOU ARE READING
නුඹ නිසාවෙන් | YZ/non-fiction
Fanfic" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ...