නුඹ නිසාවෙන් ㋡
26 කොටස
"ඇමතිතුමා.... මල්ලිව පොලිසියෙන් ගෙනිහිල්ලා..."
"ම්...මොකක්ද "
කසුනා එක්ක කෝල් එකක හිටිය සඳරුවන් එකපාරටම පිටිපස්සට හැරිලා මට මල්ලිව පොලිසියෙන් ගෙනිහිල්ලා කියනකොට මට උන් හිටි තැන් අමතක වුණා. ශනූද්... පොලිසියෙන් ගෙනිහිල්ලා... ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොඩ්ඩක් පිස්සු නැටුවට මගේ චූටි මැණිකෙ කවදාවත් පොලිසියට ගෙනියන්න තරම් වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.
" වුණ දේ පැහැදිලිව කියපන් කසුන්... "
මට උත්තරයක් දෙනවා වෙනුවට සඳරුවන් කලේ මගේ පැත්තට පෝන් එක දික් කරපු එක. උගේ අතින් පෝන් එක උදුරලා වගේ ගත්ත මම කසුනගෙන් ඇහුවේ මොකක්ද උනේ කියලා.
"මමත් හරියටම දන්නෙ නෑ තුහිනයා... හෙට්ටි මල්ලි කියපු විදියට ගෙදරට පොලිසියෙන් ඇවිත් කොල්ලව අරගෙන ගිහින්. ශ්‍රීමතී නැන්දා හේතුව අහලත් මොනවත් කියලා නෑ... කට උත්තරයක් ගන්න ඕන කියලා විතරයිලු කිව්වෙ... "
"කට උත්තරයක් ගන්න නම් උන් අරගෙන යන්න ඕන නෑනේ.. ඇරත් එහෙම වොරන්ට් එකක් නැතුව අරගෙන යන්න පුළුවන්ද ඕයි... යකාගෙ වැඩක්නෙ මේක... දැන් එයාලා මොනවද කියන්නෙ..."
"ඇන්ටි හෙට්ටි මල්ලිත් එක්ක පොලිසියට ගියා. මමත් මේ යන්න බැලුවේ... උඹ එනකොට කොහොමත් හවස් වෙයිනේ... මම මොනවහරි කරන්න බලන්නම්..."
කට උත්තරයක් ගන්න... ශනූද්ව පොලිසියට අරගෙන ගිය එකේ සෑහෙන්න වැරැද්දක් තියෙනවා. කට උත්තරයක් ගන්න ඕන නම් කියන දවසෙ කියන වෙලාවට පොලිසියට යන්න විතරයි ඕන... නැතුව කට උත්තර ගන්න ගෙදරට ඇවිත් අරගෙන යන සිරිතක් නෑනේ. ඇරත් වොරන්ට් එකක් නැතුව කිසිම මනුස්සයෙක් අරගෙන යන්න පුළුවන් කමක් නෑ... මගේ පොඩි එකාට මෙහෙම කරපු එකා මොකෙක් උනත් පොලිසියේ ඉන්න මොකෙක්ට හරි සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්නම ඕන...
"උඹ පොඩ්ඩක් ඔහොම ඉඳපන් කසුන්... මම තව විනාඩි පහකින් උඹට ගන්නම්... ඊට පස්සේ කරන දෙයක් කරමු..."
YOU ARE READING
නුඹ නිසාවෙන් | YZ/non-fiction
Fiksi Penggemar" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ...