16 🌼

1.8K 284 53
                                    

නුඹ නිසාවෙන් ㋡
16 කොටස

"සුදු මහත්තයා... අද රෑට පූජාවක් තියෙනවා... හොඳ කොල්ලා වගේ එක නැට්ටෙ දෙහි ගෙඩි තුනක් හොයාගෙන වරෙන්..."

ප්‍රජා ශාලාව විවෘත කරන වැඩේට ගිහින් ඇවිත් ඇඳට වෙලා දපලා ඉන්නකොට අපේ ලොකු නැන්දා මායම් උනා. මට දෙහි හොයන්න යන්න කම්මැලි උනත් පූජාවක් කියන්නෙ සෑහෙන ගාණක් අතට එන වැඩක් නිසා ලේසියෙන් අතාරින්නත් බෑනේ... හෙට්ටියලගෙ ගෙදර පරම්පරා ගාණක් වයස දෙහි ගහක් තියෙන නිසා ඒකෙන් ගෙඩි ටිකක් කඩාගන්නවා කියලා මම උන්ගෙ ගෙදර යන්න ආවත් ලොකු මාමා බයික් එකත් එක්ක අන්තරස්දාන වෙලා හිටියා. අසරණ මට යන්න උනේ පයින්... ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා මම සිංදුවකුත් දාගෙන හෙට්ටියලගෙ ගෙදර යන්න හන්දියෙන් දකුණට හැරුණා.




ගේමක් දීලා වැලිකඩ ඉඳලා
ගිය අවුරුද්දේ එලියට ආවේ
මේ අවුරුද්දේ චන්දෙන් දිනලා
හොරකම් කරලා ජීවත් වන්නේ

පාතාලයා මං
ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත
මහත අයියා මං...

"ඇමතියත් බෝතල් දීලද දන්නෙ නෑ මිනිස්සු රවට්ටලා චන්දෙ ගන්නෙ.... "

එකාතකට ඕවාගෙන් මට වැඩකුත් නෑනේ නේත... මේ දවස්වල හිත අයාලෙ යනවා වැඩියි කියලා මටම හිතුනා. යාලෙ ගියා නම් ඒකත් එකක්. අලි හරි බලනවා. හෙට්ටියලගෙ ගෙදරට යන අතරෙදි සිංදුවක් අහගෙන එන ටිකටත් මට ට්‍රැක් පැනලා තිබ්බා. ඊයෙ ඉදලා මගේ මොලේ වයර් මාරු වෙලාද කොහෙද... මේක නම් ඕවර් යනවා වැඩී... වෛ මට මෙච්චර ඇමතියවම සිහි වෙන්නෙ... මම අහන්නෙ වෛ...

ඕකට උත්තරයක් මට තියා මයිනගෙ පුතා නාමල්ටවත් හිතාගන්න බැරි වෙනවා කියලා දන්න නිසා මම වැඩිය හිතන්න ගියේ නෑ. කොහොමින් කොහොම හරි විකාර හිත හිත මම හෙට්ටියලගෙ ගෙදරට ඇවිත් තිබ්බා. මම ගෙදරට යනකොට ඌ උගේ රෑට වයලට් බලු තඩියව නාවනවා. බල්ලන්ට වඩා හෙට්ටියා නාලා ඉන්නකොට මම ටිකක් ඈතින් තිබ්බ ගල් බංකුව උඩින් වාඩි වුණා.

නුඹ නිසාවෙන් | YZ/non-fiction Where stories live. Discover now