11 කොටස 🌸

80 11 55
                                        

"බුදු අම්මෝ මාව බේර ගනියෝ"

ඔව් ඔව් මොකාක් නැතත් විශාල සද්දයක් නම් මට ඇහුනා කවුද අනේ එහෙම කෑ ගහන නරිච්චි.....

" කවුද මිස්ට මේනක ඒ කෑ ගහන්නේ "

" ඒක තමා පුතා මාත් මේ බැලුවේ "

ම්ම් මොනා නැතත් මාත් මගේ උදාර යාලු කැලත් එක්ක ඒ පැත්තට ගියේ ඕපේ සොයා ගැනිමේ මහත් වු උවමනාව ඇතිව හේහේ බොරු කියන්න ඕනේ නැහැ නේ මම නම් කැමති ඔය ඕපේ හොයන වැඩේට

" අම්මෝ මට බැහැ යකෝ.... අම්මෝ මගේ බඩ "

ඔව් ඉතින් ඔය හිනා වුණේ යසිරු වෙන මොකටවත් නෙමේ අර දේදුනු කියන තේඋඩිච්චි මේ හවස ඔෆිස් එක ඇතුලේ පුටුවක් උඩ නැගන් හැමෝටම මෙතන ෆිරි ෂෝ එකක් පෙන්නන නිසා අනේ මල කෝලම් බෝල සබන් කිව්වාලු මොනා නැතත් අපිටත් හිනා මොකද ඉතින් ඇතින්නියක් පුටුවක් උඩ නැගන් නේ හේහේ එත් අපි මේ යසරුවා වගේ හයියෙන් කෙකර ගන්න ගියේ නැහැ

" මොකද තමුසේලා ඔහොම මගේ දිහා බලන් ඉන්නේ ඕ ගොඩ් මේ සතාව මෙතනින් අයින් කරන්න "

බලන්න නේ ඉතින් මෙයා මේ කතා කරන විදිය හරීම කැතයි නැද්ද මම කියන්නේ තව මෙතන ඕ ගොඩ් ලූ යැයි යැයි තමා මේතන

" මෙතන මොකක්ද මේ වෙන්නේ ආ......"

මෙතන මදි පාඩුවට හිටියේ එකම කෙනා ඒ තමයි මගේ සුදු මහත්තයා අනේ බලන්න එයාගේ ලස්සන මගෙනේ ...... මොනා නැතත් එයාට හොදටම කෙන්ති
ගිහින් මොනා නැතත් ඒ කේන්ති ගිහින් තියන මුණ දැක්කම නම් මට ඉඹෙම තඩි කෙල ගුලියක් ගිලුනා

" මම තමුන්ගෙන් ඇහුවේ දේදුනු.... තමුන් හිතන් ඉන්නේ මෙතන නාඩගම් මඩුවක් කියල ද ආ....... "

" අනේ සර් මෙතන න..න "

" කෙකර බාන්නේ නැතුව කියනවා අයිෂේ මගේ කාලේ නොකා "

" මේතන නයෙක් ඉන්නවා "

" කොහෙද "

" මගේ මේස උඩ "

ඒ එක්කම සුදු අයියා වගේම එයාගේ යාළුවා අශාන් අයියත් මගේ දිහා වගේම යසිරුවා දිහත් බැලුවා මොන මගුලක්ද යකෝ අපි දිහා බලන්නේ මොකද අපි ඈ ඌව ඔතනට ගෙනත් දැම්මේ අපි එහෙමම බිම බලා ගත්තේ අපි නෙමේ කියන්න වගේ

𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌Where stories live. Discover now