" රූමි තමා රෝමියෝ..... !"
දම්මි එකපාරම කිව්වම මං බොන්න ගත්තු කෝපි එක උනු උනුවෙන් හැලිලා මගේ කලිසම අස්සේ නිදාගෙන ඉන්න පුංචි රාජකීය නිල භාන්ඩෙටත් දැනුනා.....
" විශේෂ හේතුවක් තිබේද ඉතින් ? "
ඒ සිගිති ..
ඒක කිව්වම නන් මගේ ඇගේ මයිල් කෙලින් උනා...... උදේ දම්මි කිව්ව පිස්සු කතා ටික මූ මෙතනත් දිගැරියොත් එහෙම... මං අනාත නාත සෝපාකවෙලා අවසානේ චිංචිමානිකා වගේ වෙනවා.
මම උදේ මුට කොච්චර කිව්වමත් එහෙම නෑයි කියලා මූ කිව්වෙම මං මෙහාරට ලව් කියලා....... ඌ කියන විදියට සමහර අවස්තාවල එහෙම වෙන්න පුලුවන්ලූ....ඌගේ නංගිලූ ඌටත් එහෙම කිව්වේ....
" එහෙම්මම නෑ ඉතින් රූමි , රෝමියෝ, නමත් එක වගේනේ "
" වාහ් පට්ට තියරි "
මෙහාර කට කොනෙන් හිනාවෙන ගමන් අත්පුඩි ගහනවා.... යකෝ මූ මට මේ කින්ඩියට හිනාවෙනවද...... දෙන්නෝනෙ මුගේ සුදු පුප පැලෙන්න... හහඃ
දම්මි උදේ ඉදන් මට වද දිලා මාවත් ඇදත් ඉස්කොලේ ඇරෙන වෙලාවට ඉස්කොලේ ගාවට ආවා. එහෙම්මම අපේ අනිත් උරුලෑ පැටව් දෙන්නයි මෙහාරයවයි එක්කන් මෙහාරලගේ ගෙදරට ගියා.
ඒ අස්සේ තමා මෙහාරගේ අම්මා මට දුන්නූ උනු උනු කෝපි එක මං ඇග පුරා හලා ගත්තේ....
" අවුලකුත් නෑ හැබැයි ඔන්න ඔහේ "
රවීනයත් කියද්දි සිගිතිත් ඔහේ ඔලුව වැනුවා.
අපි තව ගොඩක් දේවල් කතා කලා. සුලු චරිතත් අනිත් තුන් දෙනටයි අපේ පංතියේ අනිත් ළමයිනුයි අතරේ බෙදාගන්න තිරණය කලා.
ඇදුම් වලට එදා කාලෙට ගැලපෙන්න අපේම පරණ ඇදුම් අරහෙන් මෙහෙන් කපලා අමුනලා මූට්ටුකරලා ගන්න තීරණය කලා. අපේ පංතියේ ඉන්න දහම්ගේ අම්මාට ටේලර් කෙනෙක් නිසා එයාගෙන් උදව්වක් ගන්න පුලුවන් කියලා අපි ටිකක් විශ්වාස කරනවා. කරන්න තියෙන්නේ දහම්ට ටිකක් හොද චරිතයක් දෙන එක විතරයි. එතකොට කෝමත් එයාම උඩ පැනලා ඔය වැඩේ බාර ගන්නවා. මොනා උනත් හිත හොද එකා ඕක....
මුන්ගෙනම් අදහස මුලු ලංකා ඉතිහාසයේම හොදම වේදිකා නාට්ටිය කරන්න. ඒත් අනේ මේකත් ධාර නාට්ටියක හිංගිත්ති කොපියක්නේ..... ඔන්න ඔහේ පොඩි එවුන්ගේ ආසාවනේ....
YOU ARE READING
මම රෝමියෝ ඔයා ජුලියට්
Romantizmඉන්න තැනක රවුම් කරලා හයිලයිට් කරලා මතක තියාගන්න මන් හිතන්නේ මං වෙන්නැති මේ වසර බරගානක ප්‍රෞඩ ඉතිහාසයටම ඉස්කොලේ ස්ටේජ් එකක් උඩ ප්‍රින්සිපල් ඇතුලු සහචර මඩුල්ලක් බලන් ඉන්නකොට කොල්ලෙක්ට ආදරෙයි කියල්ලා කිස් කරන්න යන එකම කොල්ලා.