......කලු නගරය 3........

69 10 4
                                    

..යුවාන් එකයි ....ඉතුරැ .......

තියාගන්න .....මේක රසයි .......

ඔහ් ස්තුතියි ...අායෙත් එන්න....

එයා හැන්ඩ්සම් අනේ ....

කලින් දැකලා නැනේ ...
සැනකෙලිය බලන්න වෙන්න අැති එන්න අැත්තේ ..

ගැනු ලමයෙක් අැති ....

හිතුවට වඩා හොදට පිලිගත්තනේ ...ලුනු මිරිස් සිනි පදමට කලවන් වෙලා සර්පිලාකාරව බාබකිව් කොට්ටේ එතිලා තියෙන අල පෙති වලට ඉව අල්ල අල්ල හිතුපු තරැණයා දගකාර හිනාවක් එක්කම බැලැක් සිටි කහා පාට විදි එලිය මැද්දේ අැවිදන් ගියේ බැලැක් සිටි  කානිවල් එක බලන්න හතර වටින් අැදෙන සෙනග මැද්දෙන් ...

ගුරැ පාට සැහැල්ලු කමිසෙකට කලු පාට රිප්ඩ් ඩෙනිමක් සුදු පාට ඩෙක් දෙකක් දාලා අල පෙති කුරක් කකා  වට පිට ලස්සන බල බල යන තරැණ ගැටයෙක් කියන්නේ කානිවල් එකක් මැද්දේ සාමානය දෙයක් වුනත් කුඩාරම් අතරින් යද්දි සැරින් සැරේට තමන් දිහාට තියුණු විමර්ශනශිලි බැල්මවල් වැටෙනවා කියලා තරැණයා නොදන්නවා නෙමේ ....

ජයටම තියෙන ගිනි කෙලි සන්දර්ශන එක්ක බයික්  රේස් බලන්න ම බැලැක් සිටි වලට පිටින් කොච්චර නම් සෙනග අැදුනත් පිටින් එන හැම කෙනෙක් ගැන සෝදිසියෙන් ඉන්න තරම් කලු නගරයේ ඔත්තු කාර සේවය ශක්තිමත් කියලා තරැණයට කනින් කොනින් අාරංචි වලට අමතරව අනතුරැ අැගවිම් පවා ලැබුනා ...

අඩියක් අඩියක් ගානේම කුඩාරම් ...රස රස කැම බිම සෙල්ලන් බඩු කරත්ත වලට අැදෙන පොඩි ලමයි ...

සේරම දිහා බලන මුවාවෙන් බැලැක් සිටි වටේටම අැවිදපු තරැණයා නතර වුනේ ලොකුම ලොකු බීරහලක් ලග ..දැන්නම්අල පෙති කුරේ බාබකිව් ස්ට්ක් එකවත් තරැණයගේ අතේ තිබ්බේ නැ ....

කලු නිල් මිශු වෙච්ච දැක්ක ගමන් හිත අැදිලා යන පෙනුමක් තිබ්බ මරිනා බීර හල බැලැක් සිටි වල නම් සැහෙන්න ප්රිස්දයි කියලා පෙනුනේ විනාඩියකට හත් අට පාරක් අැරෙන වැහෙන දොර නිසාමයි ....

THE BLACK CITY Where stories live. Discover now