කෙනුද්ගෙ මානයෙන්.........
" අනේ මන්දා මැණික් කැටේ මේවා කවදා කොහොම විසඳෙයිද කියලා මගෙ හිතේ නෑ කිසි අදහසක්.....මම දන්නවා කාරණාවක්....වෙන්න හැකි නම් නුඹට චිත්රාවක් වෙන්නම් මම නුඹට දීඝ ගාමිණියෙක්...හිර කලොත් එක්ටැම් ගේක
බිඳිනවා මම එක්ටැම් ගේම.....දෝතට ගන්නවා යැයි මුසා නොපවසමි මම මන්ද
මා ඉරට්ටකි නුඹ බුල් ඩෝසරයකි...ඉරට්ටක් වන් මා ගතොත් නුඹ කරට වෙමි මා පොල් රොටියක්
මැද වැඩිය පිච්චුන....."" අනේ දඹේ...."
" ඔහොම අතේ එල්ලෙන්න එපා මැණික් කැටේ මට දරන්න බෑ වදේ....."
ප්‍රාණසම ප්‍රේමිය වෙච්ච මගෙ ආදර කුසුම් ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම මගෙ අතේ එල්ලුනා වෙද්දි ඒකි එල්ලුන පාරට මාව දෙකට නැවුනා.....
මුන් කාලා කාලා වල් ඌරෝ වගේ ආරලා.....කොහෙන් කැපුවාත් කිලෝ එකයි...
" විහිලු නෙවෙයි චූටි පැටියො
දැන් ඇත්තටම අපි මොකද කරන්නෙ...?"" කළ යුත්තක් නැත වැටෙහෙන්නෙ මාහට...විරුද්ද වෙතොත් නුඹෙ නිවැසියන් අප හට පනිමි මා හෙල ගැඹුරට....."
" අනේ දඹේ....."
"හිමින් වදේ ....."
දෙවනි වතාවටත්..... පිට පිට දෙවනි වතාවටත් තාර පීප්පෙ වගේ ඉන්න මගෙ ප්ර්රෙමාධාරී කුසුම් මගෙ අතේ එල්ලුනා වෙද්දි මං මැරෙන්න ගියා....ඉරට්ටක් වන් මා කොහොම ඉවසන්නද වල් ඊරියක්....
" පොඩ්ඩක් සීරියස් වෙන්නකො චූටි පැටියො....ඔයාත් එක්ක ඕකනෙ බැරි හැමදේම ඔයාට විහිලු...."
" මේ දාඹරේට කවදාවත් මැණික් කැටේ විහිලුවක් නෙවෙයි හරිය.....මම සීරියස්...
බය නොවී ඉන්නකො මැණික් කැටේ මම ඉන්නවානෙ මගෙ රන් කැටේට.....""ඔන්න දඹේ ඔයා නැති වුනොත් මම මැරෙන එක මැරෙනවාමයි...."
මගෙ කුසුම්....
කළු දොදොල් පාට හම....වල් ඌරු සයිස් ඇඟ තද දුඹුරුපාට නූඩ්ල්ස් වන් කේස කල්‍යාණිය......සැබෑම දිව්‍යාංගනාවක් පරදන රූප සම්පත්තිය....අවුරුදු හතලිස් පහ පැනපු මගෙ ඇන්ටි පරානේ....
අහපන් වැඩිම වුනොත් බෑ කියයි කියලා සුමුදුවා මට කිව්වාට කුසුම්ගෙන් අහපු පලවෙනි වතාවෙම කුසුම් මට කිව්වෙ මං ඇන්ටි කෙනෙක් පුතේ කියලා...
අන්න එතනින් පටන් ගත්තු ගමන තමයි මේ.....කුසුම්ගෙයි මගෙයි ප්රේමාධරේට දැන් මාස හයයි....අඩුවකට තියෙන්නෙ දරු පැටියෙක් විතරයි......
YOU ARE READING
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...